ඒකාබද්දයත් රනිල්ගෙන් ඉගෙන ගනී.. ස්වාධීනවීම ගැන හොයන්න කමිටුවක් පත් කරයි..

August 15, 2018 at 8:40 am | lanka C news
ඒකාබද්දයත් රනිල්ගෙන් ඉගෙන ගනී.. ස්වාධීනවීම ගැන හොයන්න කමිටුවක් පත් කරයි..

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට කමිටුවක් පත් කර තිබේ.

ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

මෙම පත් කරන ලද විශේෂ කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා නම් කර ඇති අතර ඩලස් අලහප්පෙරුම, සුසිල් පේම්ජයන්ත් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින් ද මෙම කමිටුවට ඇතුළත්ය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම සම්බන්ධයෙන් නීති උපදෙස් සලකා බැලීම ඇතුළුව කරුණු සලකා බලමින් එම කමිටුව දින කිහිපයක් ඇතුළත සිය වාර්තාව ඉදිරිපත් කරනු ඇත.

17 views

One Comment to “ඒකාබද්දයත් රනිල්ගෙන් ඉගෙන ගනී.. ස්වාධීනවීම ගැන හොයන්න කමිටුවක් පත් කරයි..”

  1. Kamal says:

    මුන් කවදත් රට කරන්නෙ රනිල්ට අවශ්‍ය විදිහට…රනිල්ගෙ බත් ගොට්ටන්….

Main News