ඒකාබද්දයෙන් හෙට ආණ්ඩුවක් පිහිටුවිය හැකියි..

May 30, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්දයෙන් හෙට ආණ්ඩුවක් පිහිටුවිය හැකියි..

වසරක් ඇතුලත පෙරලා දමන් නැතුව ඊලග මැතිවරණ සමය එන තුරු සිටියොත් බේරගන්න රටක්වත් ගොඩ නගන්න ආර්ථිකයක්වත් ඉතිරි නොවනු ඇතැයි පාර්ලිමේව්න්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ පිවිතුරු හෙල උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘හෙට ඡන්දයක් අපිට හෙට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. ආණ්ඩුව ඡන්ද නොතියන්නේ මෙ රටේ ජනතාව ආණ්ඩුව අත් හැරලාය ආණ්ඩුව පරාජය කිරීමට දත කට මැදගෙන බලාසිටිනවාය කියන එක හොදා කාරවම දන්න නිසා.

මැතිවරණ පවත්වලා තමන්ගේ වල තමන්ම කපා ගන්න මේ ආණ්ඩුව සූදානම් නෑ. අපිට සිදු වෙනවා මැතිවරණ ගන්න. මේ ආපදා සමය එය විස්තර කිරීමට කාලය නොවේ.

මේ ආණ්ඩුව වසරක් ඇතුලත පෙරලා දමන් නැතුව ඊලග මැතිවරණ සමය එන තුරු සිටියොත් බේරගන්න රටක්වත් ගොඩ නගන්න ආර්ථිකයක්වත් ඉතිරි නොවේවි. ඒ නිසා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ ආපදා සමය නිමා වු පසු නිසි ලෙස නිසි කල අපේ වැඩ පිළිවෙල එලි දක්වනවා’

– අරවින්ද අතුකෝරල

37 views
Main News