ඒකාබද්දයේ අපේක්‍ෂක රණ්ඩුවක්.. ගම්මන්පිල අන්තිමේ බන්දුලගේ දෙපා වැද සමාව ගනී..

December 10, 2017 at 12:09 am | lanka C news
ඒකාබද්දයේ අපේක්‍ෂක රණ්ඩුවක්.. ගම්මන්පිල අන්තිමේ බන්දුලගේ දෙපා වැද සමාව ගනී..

පළාත් පාලන මැතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂක ලයිස්තු සකස් කිරීමේදී පාර්ලිමේන්තකු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර වාදයක් දුරදිග ගොස් ඇත.

එහිදී දැඩිව කෝපයට පත්ව ඇති බන්දුල ගුණවර්ධන මහතා එතැනින් නැගිට යන්නට උත්සාහ දරා ඇති අතර ගම්මන්පිල මහතාද සිය පක්‍ෂයේ අපේක්‍ෂකයන් සදහා ලබා දුන් ඉඩ සම්බන්දයෙන් යම් නොසතුටකින් සිට තිබේ.

කෙසේ වෙත්ත එහි සිටි සෙසු පිරිස් මැදිහත් වී තත්වය පාලනය කිරීමෙන් පසු කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයක් සිදුය ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා නාම යෝජනා කමිටුව ඉදිරියේදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ දෙපා නමැද සිත් රිදවීම ගැන සමාව ඉල්ලා තිබේ.

ගම්මන්පිල මහතා කලකට පෙර බන්දුල ගුණවර්ධන මහතාගේ ආර්ථික විද්‍යා පන්තියේ ගෝලයෙක් ලෙස ඉගෙන ගෙන ඇති නිසා මෙසේ ඔහුගෙන් සමාව ඉල්ලා ඇතැයි එහි සිටි පිරිස් කීහ.

71 views

20 Comments to “ඒකාබද්දයේ අපේක්‍ෂක රණ්ඩුවක්.. ගම්මන්පිල අන්තිමේ බන්දුලගේ දෙපා වැද සමාව ගනී..”

  1. Nandasoma says:

    කොහොම උනත්, නාම යෝජනා සඳහා ගහ මරා ගෙන, බලයට කෑදර කම් නොපෙන්වා ජනතාවගේ බලාපොරොත්තු දිනවීමට උත්සාහ ගැනීම කාගෙත් වගකීම විය යුතුයි..!

    • Suda says:

      Ane gono thopi thama mara passe yaawada

      • Boo says:

        ඇත්ත තමයි, මුන් තාමත් මරා පස්සේ යන එක නවත්තලා හොරා පස්සේ යන්න හිතුවේ නැහැනේ.

  2. Dinusha Fernando says:

    ගුරැ ගෞරවයට මගේ ගෞරවය

  3. Rohan says:

    This is the 3rd world mentality. Worshiping (kneeling) others is not something developed people do. This shows the sheer backward nature of the South Asian peoples.

    • magaari says:

      That is the Sri Lankan culture,We are proud of it.

    • අකිල පොඩි පුතු says:

      මූ හිතන්නේ බටහිර දියුණුයි. අපි පසුගාමියි කියලා. දෙමව්පියන්ට ගුරැවරැන්ට වදින්නේ ගෞරවය පෙන්වන්න. හොදට තිබුණු රටට කෙල වුණේ බටහිර පස්සේ ගිහින් කියන එක මේ බටහිර ගැති හීන මානයෙන් පෙලෙන කලු සුද්දන් දන්නේ නෑ

    • SWoRD says:

      3rd class idiot. You go and worship unseen Sky Myth.

  4. Kamal says:

    ගම්මන්පිලට අපේක්ෂකයොත් ඉන්නවද? මම හිතුවෙ මිනිහා ව්තරයි පක්ෂෙ ඉන්නෙ කියල.

  5. aagamikaya says:

    Guruvarunta gavurawayen dana namana ayata suba anagathayak himive. Ae nisa Gammanpila mathiduni obage kriyawata mama tuthi pudami.

  6. ආචාර්ය සුගත් වීරසේකර says:

    ඒකාබද්ධයට පැහැදිළි ගමනක් පේන්න නැහැ. කිසිදු පොදු අරමුණක් නැහැ. රාජපක්ෂ කල්ලිය බෙිරාගැනීම සදහා මෛත්‍රීපාල සිරිසේනට පීඩනයක් එල්ල කිරීම සදහා ගොඩනගාගත් කණ්ඩායමක්.මිනිස්සු ජන්දෙ දෙන්නෙ පක්ෂයට මිසක් පුද්ගලයට නෙවි.එය වරක් ආර්. ⁣පේමදාස කිවිව. ලලිත්, ගාමිණී එජාපය කඩාගෙන ගිහින් රාජාලිය පිහිටෙවිවා මොකද උනේ?

    • SuMa says:

      ආචාර්ය තුමෝ….. ලලිත්, ගාමිණී එජාපය කඩාගෙන ගියේ පුද්ගලික කාරණා මත. ජනතාව සිටියේ ආර්. ⁣පේමදාස මහතා සමගයි.

    • magaari says:

      Acharya pattama Mervin Silvage wage ekak wenna athi.

    • silva says:

      එදා එකයි අද එකයි වෙනස්,පුරවැසි බලකායෙත් ඉන්නව ආචාර්‍ය කෙනෙක්,වික්‍රමබාහුත් ආචාර්‍ය කෙනෙක්,නිර්මාල් රංජිත් ආචාර්‍ය කෙනෙක්,අසූචි මාරසිංහත් ආචාර්‍ය කෙනෙක්.මර්වින් වන මමත් ආචාර්‍ය කෙනෙක්.සුගත් වීරසේකරත් ආචාර්‍ය කෙනෙක්?

    • Gandhi says:

      Educated people do not use their titles with their names!

  7. Dasun Nayanajith says:

    Ubalath maraganna epa ban. Sinhalayo bedilaa maragannakota ape jathiye anagatheta monawada wenne?

  8. kamalasirikuruwita says:

    ගුරැ ගෞරවයට මගේත් ගෞරවය පුදමි . උදය , ඔබ ආදර්ශමත් ශ්‍රේෂ්ට නායකයකු බව මෙයින් පෙන්වා ඇත. සමාව ගැනීම ලජ්ජා විය යුතු කරුණක් නොවේ. නිහතමානී බවේ ලක්ෂණයකි. රටට ජාතියට හා ඔබතුමාට සහ පොහොට්ටුවට ජයවේවා !!!!!!!!

  9. Anibal says:

    Monawa nathath guratga wada Gamma arthika wisheshangnayek ..Mathakada Australian karayata ugannapu paadama . ?

    • kamalasirikuruwita says:

      ඔස්ට්‍රේලියා කතන්දරේ උසාවියේදීම නිකන්ම බොරුවක් වුනා මතක නැද්ද . ඔස්ට්‍රේලියන් කාරය උසාවියේදී බොරු කියන්න ගිහින් පචවෙලා යන්නම ගියා මතක නැද්ද ? අන්තිමේදී උදයට මඩ ගහන්න ප්ලෑන් කරපු එවුන් පට්ටම ගොන්නු කියල විතරක් ඔප්පුවුණා. ඔන්න අනිබල් කියන ඔස්ට්‍රේලියා මඩ කතාවේ ඇත්ත .

    • පොහොට්ටුවා says:

      ⁣අවුරැදු 19කට පස්සේ සුද්දාව ගෙනාවේ ගම්මන්පිලට මඩ ගහන්න බව නඩු වාර්තාව කියවන ඔනෑම කෙනෙකුට තේරෙනවා. ඌ හොර අත්සන් ගහලා ඔස්⁣ට්රේලියාවේ වැරදිකරැ වූ කෙනෙක්. ඌ බංකලොත් වී ඇති බවත් පිලි ගත්තා. පච රණවක ඌව සල්ලි වලට ගත්තා.

      ආණ්ඩුවේ හිටිය සමයේ ගම්මන්පිලට එරෙහිව හොරකම් මැරකම් සල්ලාලකම් පිලිබද කිසිම චෝදනාවක් පරම හතුරෙක් වත් කරලා නෑ කියලා ගම්ම්නපිල නිතර අභියෝග කරනවා

Main News