ඒකාබද්දයේ අයට අගෝස්තුවට පෙර දඬුවම් දෙනවා.. ඒකාබද්දය එතැනින් ඉවරයි..- රාජිත අධිකරණයත් කලින් නඩු තීන්දු දෙයි..

March 5, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්දයේ අයට අගෝස්තුවට පෙර දඬුවම් දෙනවා.. ඒකාබද්දය එතැනින් ඉවරයි..- රාජිත අධිකරණයත් කලින් නඩු තීන්දු දෙයි..

ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය ඔිනෑම චෝදනාවක් එල්ල කළ ද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ දී අද (05) පෙරවරුෙවි මාධ්‍ය අමතමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් විසින් සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට දඩුවම් ලැඛෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රට සක්‍රීක තත්ත්වයට ගෙනඒමට වත්මන් රජය කටයුතු කරන බව ද, මෙහිදී සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ පාතාලය මර්දනය කිරීමට දැඩි කි්‍රයාමාර්ග ගන්නා බවයි. රට තුල සංවර්ධනයක් සිදු නොවූ බවට නැගෙන චෝදනාවලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ වසර 02 ක් තුල සංවර්ධනය වූ රටක් ලොව කොතනකවත් නොමැති බවයි. සංවර්ධන සංග්‍රාමය ආරම්භ කර ඇති බව සදහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී එම ප්‍රතිඵල දැකබලා ගත හැකි බව ද සදහන් කළේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

101 views
Main News