ඒකාබද්දයේ අයට එක මතයක් නෑ.. වචනයක් පිටවෙන්න බෑ ගහනවා..- මහින්ද

April 21, 2018 at 3:26 am | lanka C news
ඒකාබද්දයේ අයට එක මතයක් නෑ.. වචනයක් පිටවෙන්න බෑ ගහනවා..- මහින්ද

තමන්ද විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ද නමුත් ඒ ගැන කතා කිරීමේදී ප‍්‍රවේශම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ගැටඹේ රාජෝපවනරාම විහාරාධිපති කැප්පෙටිවල සිරිවිමල හිමියන්ගේ සුවදුක් විමසීම සදහා එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ ඔහුට කුමක් හෝ අසනීපයක් හැදීගෙන එන්නේදැයි නාහිමියන් එහිදී විමසූ අතර එක එක්කෙනා විවිධ තීන්දු ගනිද්දී රට අගාධයට යන බවද කීහ.

ඒකාබද්ද විපක්‍ෂය යනු එක් මතයක් ඇති පිරිසක් නොවන බවත් සමරුන්ට වචනයක් පිටවුනොත් හැමෝටම ගහන බවත් හිටපු ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් කීවේය.

78 views

4 Comments to “ඒකාබද්දයේ අයට එක මතයක් නෑ.. වචනයක් පිටවෙන්න බෑ ගහනවා..- මහින්ද”

  1. Sirisena Yatawara says:

    Any of SLLP responsible members has to think about Country Nation and People of that Unitary State of Sri lanka? That is my principle stand of country. Not party of SLLP recently founded by leadership of MR and other alliances parties. If any case MR or his other alliance members going against Presidency position we an opposed. Country is more import than political parties in Island of Sri lanka? No body can play with country Unity of politics of democracy .

  2. Buddhist says:

    Mahinda pansal gane yanne nathuwa Madamulanema pansalayak karagana mahana wunoth hondai.

  3. Aurora says:

    ලිස්සල යන උත්තර දීල මහින්ද මහතාට මෙම ගැටලුවෙන් පසෙකට විය නොහැකිය. පසුගිය කාලය පුරාම වෙබ් පිටුවල තිබුනේ මහින්ද රාජපක්ෂ පව්ල බල ලෝභී බවත් තමන්ගේ පක්ෂයෙන් හෝ මහින්ද හැර වෙනත් අයකු ජනාධිපති වීම නුරුස්සන බවත්ය. පොහොට්ටුවට චන්දය දුන්න ජනතාව අති බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ ප්‍රර්ථනා කලත් ඔබතුමා එයට ආශීර්වාද නොකරයි නම් මිනිසුන්ගේ සිත්හි රජකුටත් වඩා ඉහලින් ඔටුනු පළන්දා සිටින ඔබගේ ප්‍රතිරූපයට වන හානිය සහ රටට වන හානිය තක්සේරුකළ නොහැකිය. නායකයාගෙන් අපි බලාපොරොත්තුවන්නේ මහජනතාවට ඉදිරියෙන් සිටගනිමින් ජාතියට මඟ පෙන්වන්නෙකි. JVP හරහා එන ජාත්‍යන්තරය විසින් කපන බොරුවළවල් දිශාවට ජාතිය යොමුකරවීම නොවේ.

    • karu says:

      Aurora හරියටම හරි, මහින්ද මැතිඳුන් මිනිසුන් දේවත්වයෙන් සලකන්නේ ඔබ තවමත් මේ රටට හදවතින්ම ආදරය කරන ජනනායකයෙක් යයි මිනිසුන් සිතන නිසයි. ඔබ හැකි නම් පවසා බලන්න විධායකය අහෝසි කරන එකට පක්ෂයයි කියා. එය ඔබේ කීර්තිමත් දේශපාලන ප්‍රතිරූපය බිඳගෙන අවලංගු කාසියක් ලෙස ඉදිරිය ගත කරන්න වෙනවා සේම මේ රටද කිසිවෙකුට ගොඩනැගිය නොහැකි අගාධයකට ඔබ විසින් අද දමා වේදිකාවෙන් බැසයනු ඇත.

Main News