ඒකාබද්දයේ ජනාධිපතිවරණ පොදු අපේෂකයා සූදානම්.. රට නොවේ ලොවම හොල්ලන චරිතයක්..
January 18, 2017 at 10:00 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයකදී ඒකාබද්ද විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඔහු ස්ථිර වශයෙන්ම රට පමණක් නොවේ ලෝකයම හොල්ලන අයෙකු බවත් පිවිතුරු හෙල උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කෙසේ වෙතත් ඔහු කවුදැයි ප්රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් පසුව බවද කී මන්ත්රීවරයා ජනාධිපති මෛත්රී හා අගමැති රනිල් එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව දැනටම පෙන්නුම් කෙරුනත් ඔවුන් දෙදෙනාම නියෝජනය කරන්නේ අද වන විට රටේ සුළුතර වී ඇති ආණ්ඩු හිතවාදී පිල නිසා රටේ අති බහුතර ආණ්ඩු විරෝධී පිල වෙනුවෙන් මෙම පොදු අපේක්ෂකයා ස්ථිරවම ඉදිරිපත් කරන බවද සදහන් කලේය.