ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභයයි.. අපේ සුපිරිතම සම්පත ඔහුයි.. ජයග‍්‍රහණය සිකුරුයි..- ජනක බණ්ඩාර

May 9, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභයයි.. අපේ සුපිරිතම සම්පත ඔහුයි.. ජයග‍්‍රහණය සිකුරුයි..- ජනක බණ්ඩාර

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පරිසරයක් තුල ඒකාබද්දයට ඉදිරිපත් කල හැකි හොදම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා හැරුණු විට ඒකාබද්දයට සිටින සුදුසුම කෙනා සුපිරිතම සම්පත ගෝඨාභය රාජපක්‍ෂ මහතා යයිද ඔහු කියා සිටී.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට සුළු ජාතික ඡුන්ද නොලැබෙන්නේ යයි පැවසීම මිත්‍යාවක් බවත් පෙන්වා දෙන ඔහු අද වන විට දෙමල මුස්ලිම් ජනතාව 2015 දී තමන් විශාල රැවටීමකට ලක් වූ බව පිලිගෙන ඇතැයිද කියා සිටී.

ඉතිහාසයේ මෙවන් අවස්ථාවක් කිසි දිනකෙ නිර්මානය වී නැති බවත් ​ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියළු ජනතාවගේ ඡන්දයෙන් දිනන එක ඒකාන්ත යයිද ඔහු වැඩි දුරටත් කියයි.

37 views

25 Comments to “ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභයයි.. අපේ සුපිරිතම සම්පත ඔහුයි.. ජයග‍්‍රහණය සිකුරුයි..- ජනක බණ්ඩාර”

  1. Rohan says:

    G.L. පීරිස් මහතා තමයි ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා.
    කට්ටිය කිව්වේ එතුමාට බොරැල්ලට ගිහිල්ලා පාර පනින්න බැහැ කියලා. ඒ වුනාට එතුමා පුංචි ජන්දය නිහඬව දිනලා පෙන්නුවා.

    • By stander says:

      It seems that majority of patriotic people in our Country wish Gota to be the Presidential candidate. It is very important that whoever comes as the candidate,all the patriotic people should stay united to support him morally and physically,for the sake of future of our future generation .

  2. SUNIMAL says:

    ජයවේවා

  3. karu 1 says:

    රන්ජන් ගේ සහ කරු කතා හරි. ගෝටභය දක්ෂ නායකයෙක් සහ කළමනාකරුවෙක්. ඔහුගේ හැකියාව ගැන කිසිවෙකුට හෝ සක සංකා සිතිය යුතු නැත. දේශපාලන පරිනත භාවය යනු දේශපාලන මද ගොහොරුවේ තෙම්පරාදු වීම නම් එය මුලාවකි. දේශපාලන පරිනතභාවය යනු ජරාජීර්ණ වූ දේශපාලන ගොහොරුවෙන් රට ඉහලට එසවීමට ඇති දුරදර්ශි බව සහ උපාය මාර්ගික දක්ෂතාවයයි. ඔහු ඒ සඳහා පරිනත බව ජනක බණ්ඩාර වැනි ජේෂ්ඨ නායකයන්ද, දිලුම් අමුණුගම වැනි තරුණ නායකයන්ද, විමල්, ගම්මන්පිල වැනි ජතික්වාදී නායකයන්ද, මොහාන් සමරනායක, වැනි උගතුන්ද, අලි සබ්රි, අරුල් තම්බිමුතු වැනි උගත් දෙමළ, මුස්ලිම් උගතුන් සහ මෙහි සදහන් නොකළ බොහෝ පිරිසක් ඔහුව ජනාධිපති අපේක්ෂක ලෙස අපේක්ෂා කිරිමෙන්ම ඔහු සතු පරිනත කමට සාක්ෂි සපයයි. චන්ද්‍රික බලයට ආ සාමය සමග ගොටගේ ආගමනය කිසිසේත්ම සැසදිය නොහැක. මක් නිසාද යත් ඇය ගේ භාවිතය ගැන සැබවින්ම කිසිවෙක් නොදැනම අයට රට භාර දුන්නේ අයගේ දෙමව්පියන් ගැන තිබු ගෞරවයටයි. එනිසා අපගේ වගකීම වියයුත්තේ මොහු නායකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීමයි. බහුතර සිංහල චන්ද ඔහු වෙතට ලබාදී ජාතිවාදී පක්ෂවල අන්තවාදී ඉල්ලීම් වලට යටත් වීමට ඇති ඉඩ ඇහිරීමයි. එය රටේ ජයග්‍රහණයක් මෙන්ම සිංහල දෙමල මුස්ලිම් ජාතීන්ගේ සංහිදියාවේ නව පිටුවක් පෙරලනු ඇත.

Main News