ඒකාබද්දයේ පළු ගැලවී ආණ්ඩුවට එක්වන හේතුව මහින්ද කියයි..

December 12, 2017 at 10:40 am | lanka C news
ඒකාබද්දයේ පළු ගැලවී ආණ්ඩුවට එක්වන හේතුව මහින්ද කියයි..

මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වූවා කියා ඒකාබද්ද විපක්‍ෂයේ බලය කිසිදු ආකාරයකින් හීන වීමක් සිදු වන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

අතැම් පිරිස් ආණ්ඩුවට එක් වන්නේ පළාත් පාලන මැතිවණයේදී නාම යෝජනා සහ ආසන බෙදා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළු හේතුවෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

‘අපේ පක්‍ෂය බලයේ ඉන්නකොටත් එහෙමයි. විපක්‍ෂයේ ඉන්න කොටත් එහෙමයි. ඕන කෙනෙකට යන්න පුළුවන්. ඕන කෙනෙකුට එල්ල පුළුවන්

ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය එක්ක එකතු වෙන්න අපට කිසිම ගැටළුවක් නෑ. ආණ්ඩුවේ ඉන්න ප‍්‍රශ්නය තමයි තියෙන්නෙ.

ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රීලනිපය එක්ක අපි ගිවිසුමක් ගැහුවොත් අපිත් ආණ්ඩුවෙ කොටස්කාරයො වෙනවා. අපට තිබෙන ගැටළුව ඒකයි’ යයිද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

128 views

11 Comments to “ඒකාබද්දයේ පළු ගැලවී ආණ්ඩුවට එක්වන හේතුව මහින්ද කියයි..”

  1. ඩී.වී.ලලිත්, රන්න says:

    ජනාධිපති කාලෙත් ඔය කයිවාරැවම ගැහුවා.මන්ත්‍රීවරැ බල්ලො ගානට දාල කථාකලා.තියෙන්නෙ සැලුන් දොරක් කිවිවා.එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කිවිවා.අන්තිමට මෙිකතා අහපු මෛත්‍රීපාල අාප්ප කාල ගිහින් ගේම දුන්නා.දැන්වත් ඔය උඩගුකම නැතිව කටයුතු කරන්න.යුද්දෙ දිණුව කියල පපුව ඉස්සරහට දාගෙන පන්සල්වල ලැග්ගට ජන්ද ලැබෙන්නෙ නැහැ.

    • nikki says:

      බලන්න මේ ගොබෙල්ලට මුල අමතක වෙන ඉක්මන!! සිංහල වෙන්නැති!! සැලුන් දොර නිසා තමයි චන්ද්‍රිකා වගේ යුද්දෙ මැද්දෙදි යුන්පී ගේම් ෆොරීන් ගේම් වලට අහු නොවී මහින්ද පාර්ලිමේන්තුවෙ බහුතරය තියාගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ බලතල සක්‍රියව තියාගෙන හමුදාවෙ පොලිසියෙ මිනිස්සුන්ට (බල්ලන්ද සිටී) දහස් ගනන් තොපි වගේ ජීවිත බස් බෝම්බ වලින් බේරගන්න තීති පවත්වගත්තෙ.

    • shan says:

      well said !!! thank you

  2. Nisansala says:

    මං දන්නා තරමින් පොහොට්ටුව වටේ ඉන්නෙ නුගේගොඩ පළමුවෙනි මහින්ද සුළඟෙ හිටපු ජන ගංඟාව. දිනේෂ් , වාසු, විමල්, ගම්මන්පිල ඒ සටනේ පුරෝගාමී බලවේග උනා. මිනිස්සු මහින්ද වටේ පොදි කෑවට නිදහස් පක්ෂයට පරිබාහිරව පක්ෂයක් තිබුනෙ නෑ. බැසිල් ගැහුවෙ ඒකට කොක්කක් මිසක් එයා මහන්සියෙන් හදපු ජන බලයක් නෙමෙයි.

    අද සිද්ධවෙන්නෙ ඒ මහන්සියකින් තොරව හදපු පක්ෂයේ ඉඳන් ජනබලය හදන්න පුරෝගාමී මිනිස්සුන්ට කැපිල්ල දාලා එලවන්න උත්සාහ කරන එක. නැත්නම් මෙච්චර කාලයක් හයිය දාලා අල්ලගෙන හිටපු මන්ත්‍රීවරු මේක දාලා යන්නෙ නෑ. පීඩනය පුපුරන වෙලාවක් තියෙනවා

    • අනුර කුමාර says:

      මහින්ද සුළග කියල එකක් නැහැ.එහෙම සුළගක් තිබුනත් හමන්නෙ පල් ගඳක් සමගයි.ඔය වගේම ලලිත්,ගාමිණී එජාපයෙන් වෙන්වෙලා නුගේගොඩ විශාල ජන රැලියක් තිබිබ.සෙනගත් ආවා.ජන්ද ගණන් කරාම වෙඩිල්ල පුස්.ශ්‍රීලංකා නිදහස් පක්ෂය වටිටන්න මහින්දට,ගෝටට,බැසිල්ට,ශිරන්තිට,නාමල්ට බැහැ.මිනිස්සු ජන්දෙ දෙන්නෙ පක්ෂයට.

  3. WELL SAID D. V. Lalith Rathna AGREE with your above comment 1000%

  4. අලුගුත්තේරුවා says:

    විමල් , වාසු, දිනේෂ්ලාට යම් ජනබලයක් තියෙන බවත්, මහින්ද සුළඟ සක්‍රිය කිරීමට ලොකු වැඩක් කළ බවත් ඇත්ත. ඒත්, ඔවුන්ට තියෙන ජනප්‍රියතාව ඔවුන් වටා ඉන්න අනෙක් අයට තියෙනවාද? වීරකුමාර මහින්දගෙන් නැතුව මෛත්‍රීගෙ මූණදාල ගියපාර ඡන්දෙ ඉල්ලුවානම් ඉල්ලුවානම් දිනනවාද? විමල්ට උනත් ඔච්චර මනාප හම්බ වෙනවද? ඔවුන් මහින්දගෙ පිහිටෙන් තම පැවැත්ම ආරක්ෂා කරගෙන ඉන්නවා. ඔවුන් මහින්දට ශක්තියක් යන්න ඇත්ත උණත් ඒ තියෙන එකම ශක්තිය නෙමෙයි. මහින්දට අවශ්‍ය සියළු දෙනාටම සාධාරණයක් කිරීමට. තමන්ට නොමැති ජනබලයකට වඩා වැඩි අනුපාතයකට අපේක්ෂකයින් ඉල්ලීම වැරදියි. මේ ලියන මමත් කුඩා පක්ශයක මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නෙක් වුවත්, කිව යුත්තේ කුඩා පක්ෂ මහ පක්ෂ සමග සංධාන ගත විය යුත්තේ තම මතවාදයෙන් යම්කිසි ප්‍රතිශතයක් හෝ මහ පක්ෂය ලවා ඉටු කරවා ගැනීමට මිස තමන්ට තනිව ඉල්ලා නොලැබෙන මංත්‍රී සංඛ්‍යාව වැඩි කරගැනීමට නොවන බවයි. එසේ කිරීම අද තියෙන දේශපාලනයත් සමග එකඟ උණත් පරමාර්ථ සමග නම් එකඟ නොවේ.

    • බර්ටි ⁣පේමලාල් says:

      හැම එකටම මහින්දගෙ නම.එදා මහින්ද චින්තනය, මිහින් එයාර්,මහින්දෝදය විද්‍යාගාර,මහින්ද රාජපක්ෂ වරාය,මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොල මෙම නම කියන කොටත් මිනිස්සුන්ට අප්පිරියයි.මෙිකට වෙන හොඳ නමක් හොයා ගනිල්ලා.පිළුණු උන බත් ආයෙත් කන්න බැහැ.පලාත්පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් උනාම ඔය හුලං ඉවරයි.

  5. ආනමඩුවෙි නන්ද හිමි says:

    පොහොටිටුව වටෙි ඉන්නෙ දූෂිත පිරිසක් පලාත්සභා වල,නගරසභා වල සහ ප්‍රාදේශීය සභාවල ඉදල විවිධ කොන්ත්‍රාත් සහ ගේමි ගහල ගසාකාපු පරිසක්.මුන්ට ඔනි මහින්ද අල්ලගෙන ගොඩ යන්න.යුද මාකටි අහවරයි.හැමදාම යුද්දෙ දිනුවෙ මමයි කියල හරියන්නෙ නැහැ.යුද්දෙ දිනපු මහින්ද අවුරැදු 4 න් මැදමුලනට ඇරපු මිනිස්සු ලංකාවෙ ඉන්නෙ.

  6. Chan says:

    Ape hamuduruvane Mahindava avurudu 4 kata gedara arapu minissunta monavada labila tiyenne Mahinda hitapu kale labunu dekut nathuva giya misak. Udde dineemama neve ona vadak puluvankama yuddeda arthikeda ona deyak

    Mahinda porondu una yudde dinanava kiayala dinuva me aya dahsak porondu dunna ekakvat itu kale na

Main News