ඒකාබද්දයේ බදුල්ලේ නායකත්වය කුමාර වෙල්ගමට.. සිරිපාල-හරීන් එකට තබා බරදවන්න සූදානම්..
May 14, 2017 at 1:20 pm | lanka C news
කළුතර දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්රික් සංවිධායකයා ලෙස පත් කර තිබේ.
තමන් ඉදිරියේදී බදුල්ල දිස්ත්රික්කයේ ඒකාබද්ද විපක්සයේ ජයග්රහණය වෙනුවෙන් වැඩ කටයුතු කරන බව ඔහු වැලිමඩදී ජනහමුවක් අමතමින් කියා සිටියේය.
35 වසරක කාලයක් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්රික්කය නියෝජනය කරමින් දේශපාලනය කල තමන් ඉදිරියේදී බදුල්ලේ ජයග්රහණය වෙනුවෙන් කැපවන බවද ඔහු එහිදී පැවසීය.