ඒකාබද්දයේ මන්ත‍්‍රීන් කිහිප දෙනෙක් ශ‍්‍රිලනිප මැයි රැළියට.. තිදෙනෙකුට ඇමති ධුර..

April 23, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්දයේ මන්ත‍්‍රීන් කිහිප දෙනෙක් ශ‍්‍රිලනිප මැයි රැළියට.. තිදෙනෙකුට ඇමති ධුර..

මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුට මැයි දිනයෙන් පසු නියෝජ්‍ය ඇමති ධුර ලබා දීමට නියමිත බවට සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ සදහා පැවති සාකච්චා සාර්ථක වී ඇති බවයි.

මේ අතර ඇමති චන්දිම වීරක්කොඩි සදහන් කරන්නේ මෙවර ගැටඹේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි දිනය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු එක්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙම කතාවම ගියවර මැයි දිනයට පෙරද කියූ බවත් මෙවරද එය කරන්නේ ඒකාබද්ද විපක්‍ෂයේ ගාළු මුමදොර මැයි රැුළිය අසාර්ථක කරවීමට බවත්ය.

33 views
Main News