ඒකාබද්දයේ මන්ත‍්‍රීන් තොගයක් ශ‍්‍රීලනිපයෙන් දොට්ට..

August 24, 2017 at 6:23 am | lanka C news
ඒකාබද්දයේ මන්ත‍්‍රීන් තොගයක් ශ‍්‍රීලනිපයෙන් දොට්ට..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වීමේ යෝජනාවක් පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සොයිසා සහ දිලුම් අමුණුගම යන අයට එරෙහිව මෙම විනය පරීක්ෂණ පැවැත්විය යුතුයැයි මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් එකඟතාවකට පැමිණ ඇත.

මෙම යෝජනාව පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කිරීමටත් පක්ෂ සංවත්සරයට පෙරාතුරව විනය පරීක්ෂණ පවත්වා මෙම මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයෙන් නෙරපා හැරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේම පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත‍ විනය පරීක්ෂණයෙන් වැරැදිකරු කොට පක්ෂයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් ද මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සම්මත කර ගැනීමට අදහස් කර ඇති බවත් දැනගන්නට ඇත.

නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ පක්ෂයේ තීන්දු තීරණ විවේචනය කිරීම නිසා මෙම විනය පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර එම චෝදනා සනාථ කිරීම සඳහා මාධ්‍ය වාර්තා ඇතුළත් ලිපිගොනු ද මේ වන විටත් සකසා ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව චම්පානි පද්මසේකරගේ සභාපතිත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වන අතර 19 වැනි සංශෝධනයට අනුකූලව පක්ෂයෙන් නෙරපන අයකුගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමේ අවදානමක් පවතී.

– අසේල කුමාර

4 views

5 Comments to “ඒකාබද්දයේ මන්ත‍්‍රීන් තොගයක් ශ‍්‍රීලනිපයෙන් දොට්ට..”

  1. ExUNPer says:

    Hello true SLFPers,
    Please take decciplinary action against Mr Sirisena for betraying the party and all SLFPers.
    He openly supported UNP against his own party in the election. What a dumb leader!
    Why are you hiding…?
    Why can’t you speak the truth….?
    Take courage, be brave,…and expel Mr Sirisena to UNP.

    • පසුගිය ව්‍යවස්ථා සංශෝධන්යෙදි විජේදාස රාජපක්ෂ මහත්තයා යෝජනාකලා පක්ශ මාරුකරන්න ඉඩ දෙන්නත් ඒ අවස්ථාවේ මංත්‍රිකම නැති නොවන්නත්. ඒ වෙලාවෙ දිනෙශ් ගුනවර්ධන මංත්‍රි තුමා තමයි ඒකට විරුද්ධ වුනේ.
      දැන් ඒක ඒ අයටම පාරාවලල්ලක් වෙලා.

  2. upul says:

    ඒකාබද්ධ විපක්ෂයේ සෙට් එක පාර්ලිමේන්තුවෙන් එලවන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තීරණය කරපු ගමන් මොකක්ද වෙන්නේ .තමන්ගේ මන්ත්‍රී කම රැකගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දාන්න වෙනවා .නඩු දාන කොට එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන්ගේ සහය තමයි ගන්න වෙන්නේ .මේ යහපාලන ආණ්ඩුවට ඕනෑ ඒ ටික කරවන්නයි .මොකද යහපාලන ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂය නටවන්න බැරි වුනාට …පාර්ලිමේන්තු මන්ත්‍රීකම් වලින් එළවලා දැම්මාහම .එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන්ට පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික නටවන්න ….ලංකාවේ නීතිය සහ අධිකරණ දුවවන්නේ එක්සත් ජාතික පක්ෂයට ඕනේ විදිහට කියලා ඒකාබද්ධ විපක්ෂය සෙට් එක තාම දන්නෙ නැහැ .හොඳම උදාහරණය තමයි මාරපන පවුල මහින්ද රාජපක්ෂට නීති උපදෙස් දෙන එක .
    දැන් ඒකාබද්ධ විපක්ෂයට නීති උපදෙස් දෙන්න අලුත් නීතිඥවරයෙක් විදිහට විජේදාස රාජපක්ෂවත් එකතු කරගන්න පුළුවන්

    • ananda says:

      සිංහල කියවන් බැරි ශිරන්ති නෝනත් මේ ගොඩේම තමයි ඉන්නේ…..ශිරාණි බණ්ඩාරනායකව එළවපු එකට කලු සුද්දන්ට නහුතෙට නැගල තියෙන්නෙ….දැන් නම් ඉතින් ඒකාබද්ධ විපක්ෂයටයි….රාජපක්ෂ සෙට් එකටයි බඩුම තමයි.

  3. yasmin says:

    මෛතීගේත් කොන්ඳ කෙලින් වෙලා වගේ

Main News