ඒකාබද්දයේ මන්ත්‍රීන් 04ක් අත්අඩංගුවට නොගෙන මහින්දානන්ද, විමල්, ගම්මන්පිල නැවතත් අත්අඩංගුවට ගන්නයි නියෝග..
May 20, 2017 at 3:50 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ ලිපි ගොනු අවසන් බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ආණ්ඩුවේ බලවතෙකුට දන්වා ඇති බවත් ඔවුන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීම තවතන ලෙස එම බලවතා දන්වා ඇති බවත් මාධ්‍ය වාර්තා පලවෙයි.
නමුත් මහින්දානන්ද අලූත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් නැවත නැවත අත්අඩංගුවට ගන්නා ලෙසද දන්වා ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
මේ අතර ගිය ආණ්ඩුව සමයේ කැරම් බෝඞ් මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධතාවක් නැතියි කරුණු දැක්වීමට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අගහරුවාදා දිනයේ නීතිපතිවරයාගේ අවස්ථාවක් ලබා ගෙන ඇති අතර ඩන් ඵලක් නොලදොත් එදිනම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ඔහු සූදානම් වෙයි.