ඒකාබද්දයේ මන්ත්‍රීන් 11ක් ආණ්ඩුවට..
September 3, 2017 at 12:15 am | lanka C news
ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඒකාබද්ද විපක්ෂායේ සිටින මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානම් බව ආණ්ඩුවේ ඇමතිවරයෙකුට සම්බන්ධයක් ඇතැයි කියන සත්හඩු පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාව මෙසේය…
ගිවිසුම් කාලය අවසන් වීම හා ඉක්මනින් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ඇමැතිවරුන් කිහිපදෙනකු සම්මුතිවාදී ආණ්ඩුවෙන් පිටව ගියහොත් ඒකාබද්ධ විපක්ෂයේ 11 දෙනෙක් සම්මුතිවාදී ආණ්ඩුවට එක්වීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සත්හඬ’ට පැවසීය.
එම පිරිස මේ වන විට ආණ්ඩුවට විරෝධය දක්වමින් සිටියත්, පවතින ඇතැම් ප්රතිවිරෝධතා අවම කරගෙන සම්මුතිවාදී ආණ්ඩුව තුළ ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ දිනවල පුළුල් ලෙස සාකච්ඡා කරමින් සිටින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. එම සාකච්ඡා අසාර්ථක වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ අදාළ කණ්ඩායම ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත්, ඔවුන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන ඇතැම් ඇමැතිවරුන්ගේ වංචා-දූෂණවලට අදාළ ලිපිගොනු කිහිපයක් ජනාධිපතිවරයාට භාරදීමට අවශ්‍ය බව දැනුම් දී ඇති බවත් සත්හඬ සමඟ සම්බන්ධ වෙමින් අදාළ ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.
මේ අතර අදාළ 11 දෙනා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නන් වන බව ද පවසන මෙම ජ්‍යෙෂ්ඨයා, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පිරිසේ හැසිරීම අනුව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇතැයි ද සඳහන් කර සිටියේය.
සමන්ත කුමාර
sathhada.lk
elakiri
පඩ ෂෝ…..
අර රත්නපුරේ ජොන් තාම අණඩුවේ මක් කරනවද?
අනින පනින උන් පැනලා ඉවර වෙච්චාවේ.තව අවුරුදු දෙකයි නේ.
We trust only on MR…
Let others jump anywhere anytime….
MR is stronger than ever and the powerless MR has got a big value and the ruling parties kee adding strength by not performing.
patta boruwak………………..