ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් රනිල් හමුවී සාකච්චා..

February 22, 2019 at 10:40 am | lanka C news
ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් රනිල් හමුවී සාකච්චා..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රීවරුන් පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කර ඇත.

ඔවුන් සාකච්චා කර ඇත්තේ රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් මැති ඇමතිවරුන්ට එල්ල කරන ලද කොකේන් මත්ද‍්‍රව්‍ය චෝදනාව සම්බන්දයෙනි.

මෙම ප‍්‍රකාශය හේතුවෙන් ආණ්ඩු පක්‍ෂය පමණක් නොවන විපක්‍ෂයද අපහසුතාවයට පත්ව සිටින බව එම මන්ත‍්‍රී පිරිස අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

99 views
Main News