ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැන මහින්ද කියයි..

May 5, 2018 at 11:20 am | lanka C news
ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැන මහින්ද කියයි..

ඒකාබද්ද විපක්‍ෂය ප‍්‍රමුක සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීමක් කලේය.

ඒ මහතා කියා සිටියේ නියම වෙලාවට ඒ ගැන අදහසක් පල කරන බවයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක් අල්ලස් චෝදනාවකට අත්අජංගුවට ගැනීම ගැන අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ මෙමගින් ජනාධිපතිවරයාට ඉතාම නරග බලපෑමක් ඇති කරන බවයි.

එය තරහකාරයන් විසින් කලාදැයි නොදන්නා බවත් කී රාජපක්‍ෂ මහතා මෙයින් බේරීමට ඇති එකම ක‍්‍රමය නම් ජනාධිපතිගේ උපදෙස් මත වැටලූ බව පැවසීම යයිද ඔහු කියා සිටියේය.

64 views