ඒකාබද්දයේ යොවුන් තාරකාව ත‍්‍රස්ත විමර්ශණ ඒකකයට උගන්වා එයි.. කිසිවෙකු මේ තාක් නොකී කතාවක් දිළුම් TIDයට කියයි.. අන්තිමේ පැය 12ක් ප‍්‍රශ්න කර මුදා හරී..

May 16, 2018 at 12:02 am | lanka C news
ඒකාබද්දයේ යොවුන් තාරකාව ත‍්‍රස්ත විමර්ශණ ඒකකයට උගන්වා එයි.. කිසිවෙකු මේ තාක් නොකී කතාවක් දිළුම් TIDයට කියයි.. අන්තිමේ පැය 12ක් ප‍්‍රශ්න කර මුදා හරී..

පැය 12කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් පසු පොලිත් ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා මුදා හැර ඇත.

මන්ත‍්‍රීවරයා සදහන් කලේ තව දිනක් පැමිණෙනවාට වඩා එක් දිනක් තුල තමන්ගෙන් ඇසිය යුතු සියළු ප‍්‍රශ්න අසන්නැයි කල ඉල්ලීම මත මෙතරම් දීර්ග කාලයක් ප‍්‍රශ්ණ කල බවයි.

මේ වන තෙක් පොලිස් ප‍්‍රශ්න කිරීමකදී මන්ත‍්‍රිවරයෙකු එවන් ප‍්‍රකාශයක් කලේ යයි වාර්තා වී නැත.

පසුගියදා මහනුවර ඇති වූ ගැටුම්කාරී සිදුවීම ගැන තමන්ගෙන් ප‍්‍රශ්න කල බවත් පොලීසියද නොදන්නා තමන් දන්නා බොහෝ දේවල් මෙම කාලයේදී තමන් ප‍්‍රකාශ කල බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

36 views
Main News