ඒකාබද්දයේ සියළු පක්‍ෂ සන්ධානය අතහරිති.. විපක්‍ෂයේ ස්වාධීන වෙති..

February 25, 2017 at 3:50 pm | lanka C news
ඒකාබද්දයේ සියළු පක්‍ෂ සන්ධානය අතහරිති.. විපක්‍ෂයේ ස්වාධීන වෙති..

තමනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙස කතානායකයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූම දේශපාලන පක්‍ෂ තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වටෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ දැටමත් මෙම ඉල්ලීම කර ඇත.

මහජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිවිතුරු හෙළ උරුමය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයද මේ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ මින් පෙරද මන්ත‍්‍රීවරු ස්වාධීනව කටයුතු කල අවස්ථා තිබුනද වත්මන් කතානායකවරයා මෙතෙක් ඊට අවස්ථාව ලබාදී නැති බවයි.

41 views