සියළු ශ්‍රීලනිප මන්ත්‍රීන් මැයි දිනයට ගෝල්ෆේස්.. හැකිනම් අස් කරන්න..
April 27, 2017 at 3:26 am | lanka C news
තමන් මෙවර මැයි දිනයේදී සහභාගී වන්නේ ගාළු මුවදොර පැවැත්වෙන ඒකාබද්ද විඵක්ෂ මැයි රැළියට බවත් එනිසා තමන්ගේ සංවිධායක ධුරය අහෝසි කරන්නේ නම් එසේ කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා හොරණදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
තමනට වඩා සුදුසු කෙනෙක් ඉන්නේ නම් පත් කරන ලෙසද කී ඔහු මෙවර ඒකාබද්ද විපක්ෂයේ සියළු ශ්‍රීලනිප මන්ත්‍රීන් ගාළු මුවදොරට යාමට තීරණය කර ඇති බවද සදහන් කලේය.