ඒකාබද්දයේ හෙට විරෝධතාවයට කොළඹ කිසිම පිට්ටනියක් නොදෙයි..

September 4, 2018 at 3:00 pm | lanka C news
ඒකාබද්දයේ හෙට විරෝධතාවයට කොළඹ කිසිම පිට්ටනියක් නොදෙයි..

මැයි දින රැස්වීම හැරුණු කොට වෙනත් කිසිම දේශපාලන රැුස්වීමක් සඳහා කොළඹ මහනගර සභාවට අයත් ක්‍රීඩාංගන ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නියෝජ්‍ය නගරාධිපති හිමි MPM ඉක්බාල් මහතා පවසයි.

හෙට දිනයේ කොළඹ දී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව සඳහා නගර සභා ක‍්‍රීඩා පිටි ලබා නොදෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් කොළඹ නගර සභාවට අයත් කිරුලපන කීඩාපිටිය පමණක් එවන් කටයුතු වලට ලබාදෙන බවත් එම පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් සඳහා ඉල්ලා තිබූ බවත් ඔහු සඳහන් කරයි.

28 views
Main News