මහින්ද සුලගේ නියමුවෝ විධායකය අහෝසියට විරුද්ද වෙති.. දිනේෂ් විතරක් අතීරණයක..

April 26, 2018 at 10:40 am | lanka C news
මහින්ද සුලගේ නියමුවෝ විධායකය අහෝසියට විරුද්ද වෙති.. දිනේෂ් විතරක් අතීරණයක..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 20 වන සංශෝධනයට විරෝධය දැක්වීමට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ප‍්‍රධාන පක්‍ෂ තුනක් තීරණය කර ඇත.

වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ, උතය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙල උරුමය මේ සම්බන්ධයෙන් දැනටමත් විරෝධය දක්වා තිබේ.

මෙම පක්‍ෂ තුනම 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ‘මහින්ද සුලග’ සමග ආරම්භ කිරීමට මුල් වූ පක්‍ෂ වන අතර එම පක්‍ෂ අතරින් මේ වන විට ස්ථාවරයක් ප‍්‍රකාශයට පත් කර නැත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ පමණි.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසු සිය ස්ථාවරයා දන්වන බව ඔහු සදහන් කරන අතර එම පක්‍ෂයේ මුල් ස්තාවරයන් අනුව ඔවුන්ද මෙම සංශෝධනයට විරෝධය දක්වනු ඇති බව අනුමාන කල හැක.

මේ අතර ඊයේ දිනයේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හමුවේදී තීරණය වී ඇත්තේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් ඒ සම්බන්දයෙන් වෙන්න වෙන්ව හෝ පොදු මතයන් නොපැවසීමටයි.

173 views
Main News