පැණි වරකේ හෙණ පුපුරයි… බැසිල්-ගම්මන්පිල එලිපිට ගැටේ… මහින්දටත් චෝදනා..
February 22, 2019 at 10:38 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.
පලාත් පාලන ආයතනවල පුරප්පාඩුවන මන්ත්රී ධුර පිරවීමේ නිසි ක්රමවේදයක් සකස් කල යුතු බවට ගම්මන්පිල මහතා විසින් කල යෝජනාවක් සමගින් මෙම තත්වය ඇතිව තිබේ.
‘ඔයාලට ඔ්න විදිහට වැඩ කරන්න බෑ. පොදුජන පෙරමුණ අයිති අපට. අපට ඔ්න විදිහටයි වැඩ වෙන්න ඔ්නෑ’ යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසද්දී ගම්මන්පිල මහතා පිලිතුරු ලෙස ‘ඔයාට ඔ්න විදිහට නටන්න අපි ලෑස්ති නෑ. මතක තියාගන්න මහින්ද මහත්තය නිසයා අපි මෙතන ඉන්නෙ. මහින්ද මහත්තය නැත්නම් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙත් නෑ’ යනුවෙනි.
‘තනියෙන් ඉල්වුව නම් මන්ත්රී ධුර ගන්නෙ වෙන්නේ නෑනෙ’ යයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතා ප්රශ්නයට මැදිහත් වෙද්දී ‘ඔබතුමා මතක තියාගන්න මෛත්රී ගුණරත්නගේ කෙසෙල් ඇවරියට 21යි. ශ්රීනාත්ගෙ බල්බ් එකට මන්ත්රී ධුර 10ක් තියෙනවා. අපි ඊටත් වඩා දුර්වලයි කියල හිතුවද’ යයි ගම්මන්පිල මහතා මහින්ද රාජපක්ෂ මහතාටද පිලිතුරු දී ඇත.
ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ හා උදය ගම්මන්පිල මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී එය සමනය කලේය.
Basil kiyanne pattama horek…!!! Rate kaumeta uoo nidalle…!!! dakka neda mahinda paraduna welaawe kalakanni Saataka sunakayaa uge ganith ekka saataka galawala maaru unaa…..!!!!
පොහොට්ටු හොද්දෙන් රම්පෙ විමල් සහ කරපිංචා ගම්මන්පිල ඉවතට විසි කරන්න ආසන්නයි. එක නිසා දෙන දෙයක් කල වෙන දෙයක් බලගත්තනම් හහොදයි, විමල් ගම්මන්පිල දෙන්න.