ඒකාබද්දය ගෝල්ෆේස් ලක්‍ෂ දෙකක් ගෙනාවොන් අපි ගැටඹේට ඊට වඩා ගේනවා..- සෙල්ලම් පිස්තෝල නගරාධිපති

April 6, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්දය ගෝල්ෆේස් ලක්‍ෂ දෙකක් ගෙනාවොන් අපි ගැටඹේට ඊට වඩා ගේනවා..- සෙල්ලම් පිස්තෝල නගරාධිපති

මෙවර ශ‍්‍රීලනිප මැයි රැළිය පැවැත්වෙන පේරාදෙනිය ගැටඹේ ක‍්‍රීඩාංගනයට අති විශාල ජන සහභාගීත්වයක් ගෙන්වා සියළු මැයි රැළි පරාද කරන බව හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතා පවසයි.

හැකිනම් ගොල්ෆේස් පිටියට ලක්ෂ දෙකක ජනතාවක් ගෙන්වා පෙන්වන ලෙසට ඒකාබද්ද විපක්‍ෂයට අභියෝග කරන බවද ඔහු කියයි.

මෙවර ජනාධිපති මෛත‍්‍රිගේ ප‍්‍රධානත්වයෙන් ගැටඹේදී පැවැත්වෙන මැයි රැළියට අනෙක් සියළු මැයි රැලි පරාද වෙන බවද පැවසූ ඔහු ගිය වසරේ වැඩිම පිරිසක් පැමිණියේ ගාල්ලේදී පැවති ශ‍්‍රීලනිප මැයි රැළියට බවද ඔහු කිවේය.

502 views
Main News