ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් කොටසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. කල් මැරූ ඒකාබද්දයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් අනාථයි..

May 14, 2018 at 3:50 pm | lanka C news
ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් කොටසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. කල් මැරූ ඒකාබද්දයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් අනාථයි..

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමන් කොටසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා 17 වනදා පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පසු මෙම තීන්දුව ගැනීමට එම පිරිසක් තීරණය කර ඇතැයිද සදහන්ය.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් මේ වන තෙක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගෙන නැති තත්වයක් යටතේ 16 කණ්ඩායමෙන් පිරිසක් එහි සාමාජිකත්වය ගතහොත් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් බවටද නිතැතින්ම පත්වනු ඇත.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙක් සමග සාකච්චාවක් සිදු කර ඇති බවද වාර්තා වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා මේ ගැන තම දේශපාලන හිතවතුන් සමග පවසා ඇතැයිද වාර්තා වෙයි.

10 views

12 Comments to “ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් කොටසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. කල් මැරූ ඒකාබද්දයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් අනාථයි..”

  1. රාහුල කොලුවා says:

    පාර්ලිමේන්තුව විසුරුවාලීමට ඡනපතිට තිබුන බලය අහෝසි කොට රට අරාඡික කිරීමට පාර්ලිමේන්තුවේදී අගමැති සමග අත ඉස්සු මේ පිරිස 2020 දී ඡනතාව විසින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලියා පදිංචි කරවීමට බලා සිටි… එතෙක් ඔය ගහන බල්ටියක් ගහපු දෙන්..

Main News