ඒකාබද්දය වෙල්ගම ගැන දැඩි තීරණයක් ගනී..

October 17, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්දය වෙල්ගම ගැන දැඩි තීරණයක් ගනී..

නැගෙනහිර පළාතේදී පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කර ඇති ප‍්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී සාකච්චාවට ලක් කර ඒ ගැන පියවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන ප‍්‍රසිද්ධියේ අදහස් පල නොකිරීමට මන්ත‍්‍රී කණ්ඩායම එකග වී තිබූ බවත් ඔහු සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්‍ෂකයා නිසි වේලාවට නම් කරනු ඇතැයිද ජනතාව එම පුද්ගලයා වටා එක්වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

දෙමල ජනතාවට විරුද්ද අයෙක් ඒකාබද්දයෙන් ඉදිරිපත් කිරීමට තමන් සිටිනා තුරු ඉඩ නොදෙන බවට වෙල්ගම මහතා කල ප‍්‍රකාශයෙන් පෙනෙන්නේ දෙමල ජනතාවට විරුද්ද අයද ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින බව යයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

මෙම ප‍්‍රකාශය වැරදි බව පෙනී යන බවත් පක්‍ෂ නායකයන් විසින් මේ ගැන තීන්දුවක් ගන්නා ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

75 views

8 Comments to “ඒකාබද්දය වෙල්ගම ගැන දැඩි තීරණයක් ගනී..”

  1. Tikiri says:

    මේයා දොඩවනවා වැඩියි. කාගේ ඔත්තු කාරයෙක් ද කීයා සොයා ඛලන්න.

  2. Nalaka says:

    වෙල්ගම…වල්ගම වන ලකූණු…

  3. Rathgama MC says:

    මේ ආචාරිය බන්දුලාල තමයි මහින්ද මහත්තය කෑවෙ ,මෙයා නේද එදා ආර්ථික ඔස්තාර් වගේ කිවුවේ 5 දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 2500 ක් ඇති කියල මාසේ වියදමට.අනික මෙයාට පුළුවන් නම් හෝමාගමදී කියන්න සුදුසුම අපේක්ෂකයා ගෝටාභය කියල ඇයි? වෙල්ගමට බැරි අපේක්ෂකයා ගැන අදහස් දක්වන්න.වෙල්ගම කියල නැහැ පොහොට්ටුවේ ඉන්නවයි කියල ආචාරියෝ දෙමල ජනතාවට එරෙහි අය.ඒත් කියන්න බැහැ නේ අර සිරිසේන මහත්තය ආප්පත් කාල පසුවදා පොදු අපේක්ෂකයා උනා වගේ හදිසියේ දෙමල ජනතාවට එරෙහි කෙනෙක් ආවොත් අපේක්ෂකත්වය ගන්න එයට ඉඩ නොදෙන බව තමයි වෙල්ගම කිවුවේ.
    මට පෙන විදියට අර දර්ශන හඳුන්ගොඩ SLVLOG හරහා කියපු කතා දැන් හරියාගෙන එනවා වගෙයි.දර්ශන කිවුවේ පොහොට්ටුවට පෙරේත තටුව කියල.ගොටගේ වියත් මගට කිවුවේ විපත් මග කියල.මට පෙන විදියට දැන් ගෝටත් වියත් මගත් එළියත් මේ ඔක්කොම අච්චර ලස්සනට තිබුන පොහොට්ටුවට විපත් මගක් වෙලා.මහින්ද 2 වරක් ජනපති උනේ ඔය වියත් මගවල් තිබිලද?ඇත්තටම ඔය වියත් මගත් එළියත් නැතිව දේශපාලඥයින් වූ මහින්ද බැසිල් ඒකාබද්ධය සමග රට වටේ ගියා නම් මේ මොන අවුලක්වත් නැහැ නේද?
    අර වෙල්ගමට මහනුවරදී බලු විදියට අපහාස කල මැර මන්ත්රිටයි,මහින්දානන්ද කම්බ හොරාටයි,හුජ්ජ කොල්ලන්ටයි එරෙහිව නැද්ද විනය පරීක්ෂණයක්.බන්දුලට නම් ඕනෑම වෙලාවක UNP එකට යන්න පුළුවන්.එහාට මෙහාට පැනපු අය නේ,ඒත් වෙල්ගම කවදත් ශ්‍රී ලංකා කාරය කොහේටවත් පැන්නේ නැති.

    • Analyst says:

      Neither the majority Sinhala people nor the Gota (and the members of the the Viyath Maga) are not against the Tamil people in this country . What they oppose are to some unfair, undue demands , the Tamil politicians bring forward , which would definitely pave the way to divide the country in the very near future, if accomplished.More than 54per cent of Tamil people live happily out side Nothern and Eastern provinces and Sinhala people patronize their businesses for them to be flourished. It is very clearly evident that , it is the Sinhala people who have been deprived of living any province ,they like to live.It is the patriotic people in this country , who would decide the next president in this country , not the SLVLOG presentor or Welgama or any other politician.It is apparent to the people that there
      is a general acceptance to Gota ,among the citizens who wish the welfare of the country.

    • A voter says:

      It is very ludicrous to observe that some enemies of POHOTTUWA have become so scared that they try either to pose as or pretend as saviours of POHOTYWA and make adverse comments about Gota and the SLPP.It is very funny.

  4. Sirisena Yatawara says:

    Many sugar coated bullets is in under the SLPP of MR leadership!

  5. walgama oyaaa apita epa.thawa katttiya orrrna tharam ennnawa.thamun ranil gey methreey gey contrak ekak wagey.oya epaaa epaaaa,epaaaaaaaaaaa. go to helll.

Main News