ඒකාබද්දය ස්වාධින වුනොත් මන්ත්‍රී ධුරවලින් ඉවතට.. අලුත් මන්ත්‍රීන් වෙන්න ශ්‍රිලනිප 70ක් රෙදි මසති..
August 13, 2018 at 2:10 pm | lanka C news
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වුවහොකත් ඔවුනගේ මන්ත්‍රීධුරය අහෝසි කළ හැකිදැයි ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් විසින් සොයා බලා ඇත.
එම කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් ඉවත් කළහොත් ශ්‍රීලනිපයට හිතවත් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අලුතින් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාවක් ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ ගැන දැනටමත් ඉහල පෙලේ නීතීඥයන්ගෙන් අදහස් විමසා ඇතැයිව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ වන විට ලැබී ඇති නීති උපදෙස් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ මන්ත්‍රී ධුරයන් අහෝසි කිරීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.
ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් අවම වශයෙන් වසර තුන හතරක් මේ සඳහා ගත වනු ඇති බවත් එවිට වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය ස්ථිරවම හමාර වනු ඇති බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට යමින් ඇති බවද ශ්‍රීලනිප ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැන් කොහෙද ශීුලනිපෙ ඉහල පෙලේ ආරංචි දෙන අය හැලිච්ච අට පාස් අය විතරයි ඉතුරුවෙලා ඉන්නේ.
නිල්පාට අමුඩ ටිකක් මසා ගන්නව ඕයිල! කොල පාට ලන්නකින් ගැටගසාගෙන විලි වසා ගන්නවල!
අලූත් මන්ත්‍රී වරුන්ට ගමට යන්න බැරි බවත් දැන ගත යුතුය
19 ව්‍යවස්ථා සංශෝධන ලනුව ගිල්ලවූයේය. ඒ අනුව විධායක ජනාධිපති තනතුරට අංශභාගය හැදිලාය. ඒ වගේම අංග විකලය. සිවිල් සංවිධාන හතරවරම් ගසති.
2. පාර්ලිමේන්තුව අැලෝසියස්ලගේ සූදු පිටියකි. පාලක පක්ෂයේ සියලු දෙනාම එහි ඉත්තෝය. එම දාදු කෙළියට බාධාවක් සේ සලකන ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීන් ඉවත්කරවා, ඒ වෙනුවට පාලක ගැත්තන් ආදේශ කිරීමේ උප්පර වැට්ටිය ක්‍රියාත්මක කිරීම ඉතා සූක්ෂම ක්‍රියාදාමය සිදුවෙමින් පවතින බව පැහැදිලිය. “ස්වාධීන වෙලා ඊළඟට විපක්ෂනායක තනතුර ඉල්ලා බලන්න”. මේක තමයි දිරච්ච ලණුව.
මේ දිරච්ච ලණුවේ එල්ලෙනවාද යන්න ඒකාබද්ධය දෙවරක් සිතා බැලිය යුතුය.
3. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රය අමු අමුවේ ඝාතනය කළ මේ පාලකයන් විශ්වාස කිරීම, අන්ධයන් බිහිරන් සේ ක්‍රියා කිරීමක් වැනිය.