ඒකාබද්දය හා සාකච්චා අවසන්.. ඒවා අසාර්ථකයි.. අපි තනිව තරග කරනවා..- ශ්රිලනිපය නිල වශයෙන් කියයි..
December 1, 2017 at 11:02 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂය අතර පැවති සාකච්චා බිද වැටුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
සාකච්චා බිද වැටීමේ වරද ඒකාබද්ද විපක්ෂය මත පටවන මහ ලේකම්වරයා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්ෂය සාකච්චාවන්හිදී හරියටම බඩ මැදින් මස් රාත්තලම ඉල්ලා සිටි බවයි.
එක්ව තරග වැදීම සදහා විශාල වශයෙන් බලාපොරොත්තු තබා සිටියද අනෙක් පාර්ශවයෙන් ඒ සදහා නිසි සහයෝගයක් නොලැබුනු බවද ඔහු සදහන් කරයි.
එක්ව තරග වදින්න නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඒකාබද්ද විසින් දමන ලද කොන්දේසිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එහි කිසිදු තර්කයක් නැති බවත් එම යෝජනාව ගෙනා පාර්ශවය එජාපය සමග තනි ආන්ඩුවක් සදහා සාකච්චා පවත්වා ඇති බවත් ඇමතිවරයා කියා සිටී.
ඒ අනුව ඉදිරි මැතිවණය අත ලකුණින් හෝ බුදල් කොලයෙන් තරග වදින බවත් ස්ථිර වශයෙන්ම ජයග්රහණය කල හැති බවත් ඇමති අමරවීර විශ්වාසය පල කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ බෙදීම සදහා වන එක්සත් ජාතික පක්ෂ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරනු ලැබුවේ ඒකාබද්ද විපක්ෂය බවත් ඔවුන් අතර ඩීල් එකක් ඇති බව ඉන් ඉතා පැහැදිලි වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
obathuma hariyata hari, ape chandaya me para SLFP ekata
Huuuuuu.
හරියට හරි තනියම ඉල්ලල මකබෑවිලාම පලයන්
යකුනේ, කොළපාට ෂර්ට් ඇදගෙන UNP වෙදිකාවට පලයල්ලා හිටං එක්ක. ගිහින් චන්දෙ ඉල්ලපල්ලා. UNM එකෙන්ම වැඩේ ඉවරයි. වෙන දේ බලාගන්න පුඵුවන්.
Janaka WELL SAID…..AGREE with your above comments 1000%.
ඔය කියවිලා තියෙන්නේ ඇත්ත ටක්කෙටම.. එකාබද්දේ හැදුවේ අපේ බඩට ගහන්න කියලා..
තාමත් මුන් පස්සේ යන උනුත් ඉන්නවනේ හැබෑට..
දුකට කියන කතා….
Huuuuuu huuuuuu huuuuuu…
Hkz