ඒකාබද්ද-ජවිපෙ සන්ධානයක්ද.. විපක්‍ෂයට එන 16 ඒකාබද්දයට ගන්න සිම්පල් ප්ලෑන් එක.. ලාල්කාන්තගේ නිවසේදී මහින්ද හෙලි කරයි..[Video]

April 26, 2018 at 9:20 am | lanka C news
ඒකාබද්ද-ජවිපෙ සන්ධානයක්ද.. විපක්‍ෂයට එන 16 ඒකාබද්දයට ගන්න සිම්පල් ප්ලෑන් එක.. ලාල්කාන්තගේ නිවසේදී මහින්ද හෙලි කරයි..[Video]

විපක්‍ෂයට එක්වන ශ‍්‍රීලනිප 16 දෙනා එක්බද්දයට එක්කර ගන්නේ කෙසේදැයි හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කල විට ඔහු ලබා දුන්නේ මෙවන් පිලිතුරකි.

‘මන්ත‍්‍රිවරුන් 16 දෙනෙක් දැන් එනවනේ විපක්‍ෂයට. විපක්‍සයට මුලින් ගෙන්න ගන්නව. විපක්‍ෂයේ වාඩි වුණාම ඒ කට්ටියට තනිවම විපක්‍ෂයෙ වැඩ කරගෙන යන්න බැහැනෙ. එකට එපාය වැඩ කරන්න. එතකොට ඒක ඒකාබද්ද විපක්‍ෂය වෙනවා. දේශපාලනයේදී සදාකාලික මිතුරොත් හතුරොත් නෑ කියල කියමනකුත් තියෙනවනේ’

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතාගේ මවගේ අවසන් කටයුතු සදහා එක් වූ අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

ලාල් කාන්න මහතාගේ පියා කලින් හොද ශ‍්‍රී ලංකා කාරයෝ බවත් කී රාජපක්‍ෂ මහතා එනිසා මල ගෙදරට පැමිණි බවද සදහන් කලේය.

එකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ අතර කිසිදු සාකච්වාක් සිදු වන්නේ නැතැයිද හිටපු ජනාධිපතිවරයා එහිදී මාධ්‍ය වෙත කියා සිටියේය.

41 views
Main News