ඒකාබද්ද මන්ත‍්‍රීනට කැබිනට් ඇමතිකම්.. කෝටි ගණන් මුදල් සන්තෝෂම්..

August 21, 2017 at 2:10 pm | lanka C news
ඒකාබද්ද මන්ත‍්‍රීනට කැබිනට් ඇමතිකම්.. කෝටි ගණන් මුදල් සන්තෝෂම්..

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා කෝටි ගණන් මුදල් සහ ඉහල පෙළේ කැබිනට් ඇමැතිකම් ප්‍රදානය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට ආණ්ඩුව කෝටි ගණන් මුදල් කොහෙන්දැයි ප්‍රශ්න කළ රණතුංග මහතා මෙසේ ක්‍රියාවට නැංවෙන මෙහෙයුම පසුපස කරකැවෙන්නේ බැඳුම්කර මගඩියෙන් උපයා ගත් මුදල්දැයි සාධාරණ සැකයක් මතුවන බවත්  පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ අධ්‍යාපන වෘත්තියවේදීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ පැවැත් හමුවක් අමතමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටගහලා මේ හවුල් ආණ්ඩු ගමන ආරම්භ කරනකොටම අපි කිව්වා ඕක හරියන ගමනක් නෙමෙයි කියලා. අපි කිව්ව දේ දැන් ඇත්ත වෙමින් යනවා. හවුල් ආණ්ඩුව දැන් හොඳටම අවුල්. පක්ෂ දෙකේ අය පමණක් නෙමෙයි එකම පක්ෂයේ අයත් මරාගන්න තැනට දැන් ආණ්ඩුව පත් වෙලා ඉවරයි.

මේ ආණ්ඩුවේ අවසන් මාස දෙක තුන ‍තමයි මේ ගතවෙමින් තියෙන්නේ. අවුරුදු දෙකක් පිරෙන්නත් ඉස්සර ජනතා අප්‍රසාදයට පත්වෙච්ච වෙනත් ආණ්ඩුවක් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේවත් නැතුව ඇති. දැන් මේ ආණ්ඩුව ජනතාවට අරහං. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් දැක්කොත් හූ කියලා පන්නගන්න තැනට දැන් ආණ්ඩුව පත්වෙලා.

ආණ්ඩුව හැමදාම කළේ තමන්ගේ ආරවුල් වසාගන්න විරුද්ධ පක්ෂයේ ආරවුල් ඇති වෙනකම් බලං හිටපු  එකයි. ආණ්ඩුව එපා වෙලා ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ ඇමැතිවරුන් අපේ පැත්තට එන්න හදනකොට ආණ්ඩුව පුරුදු තැටියම දානවා ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් අච්චරක් එන්න ලෑස්තියි කියලා.

අපේ පැත්තෙ නම් ඔය දේශද්‍රෝහී ආණ්ඩුවට යන්න තරම් මෝඩයෝ නැහැ. හැබැයි ආණ්ඩුවේ නම් අපේ පැත්තට එන්න ඔනෑ තරම් අය ඉන්නවා. අපිට සහසුද්ධෙන්ම ඒක කියන්න පුළුවන්. අපේ මන්ත්‍රීවරුන් බිලී බා ගන්න ආණ්ඩුව කෝටි ගණන් මුදල් වියදම් කරන්න වුණත් සූදානම් බව දැනගන්නට ලැබිලා තියෙනවා.

අපේ සමහරුන්ට කතා කරලා ආණ්ඩුවේ ඉන්න නිදහස් පක්ෂයේ සමහරු අහලා තියෙනවා ආණ්ඩුවට එන්න කොච්චර සල්ලි ඕනේද, මොනවද ඕනේ ඇමැතිකම් කියලා. අපිට සැකයක් තියෙනවා ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් බිලී බා ගන්න කෝටි ගණන් සල්ලි ආණ්ඩුවේ ලොක්කන්ට ලැබුණේ කොහොමද කියලා?  මේවා බැඳුම්කර සල්ලිද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

රටේ අහිංසක ජනතාවගේ සල්ලි හූරං කාපූ බැඳුම්කර සල්ලි අරන් ආණ්ඩුවට යනවට වඩා හොඳයි බඩ කපාගන්න එක කියලයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදියට අපි විශ්වාස කරන්නේ. අපි බලන් ඉන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් හදලා බැඳුම්කර මගඩියේ හවුල්කාරයන් එල්ලුම් ගස් යවන්න මිසක් ඒ සල්ලි අරන් ආණ්ඩුවට යන්න නොවෙයි.

රටේම ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙලා ඉන්න ආණ්ඩුව දැන් අවුරුදු දෙකක් තිස්සේ ඡන්ද කල්දාමින් යනවා. ආණ්ඩුව හොඳටම දන්නවා මෙදා පාර ඡන්දයකට ගියොත් ඇපත් නැති වෙන බව. පළාත් පාලන ඡන්දය කල්දැම්මා වගේම පළාත් සභා ඡන්දයත් කල්දාන්නයි ආණ්ඩුව දැන් සුදානම් වෙන්නේ.

තවත් ඡන්ද කල්දාන්න අපි ආණ්ඩුවට ඉඩ තියන්නේ නැහැ. මේ වසර අවසන් වෙන්න ඉස්සර මොකක් හරි ඡන්දයක් තියන්නම ඕනේ. ඡන්දයක් දෙන්නේ නැත්නම් ඡන්දයක් ගන්න හැටි අපි දන්නවා. මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සර අපි හොඳින් හෝ නරකින් ඡන්දයක් ගන්න බව ආණ්ඩුවට අපි මතක් කරනවා.

අද ආණ්ඩුවම ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ගහනවා. මම දැක්කා විජදාස රාජපක්ෂ මහත්තයාට මුළු එක්සත් ජාතික පක්ෂයම එකතු වෙලා බනින හැටි. ආණ්ඩුවේ අර්බුදය දැන් ඒ තරම් උග්‍ර වෙලා ඉවරයි. අද විජයදාසට වෙන දේ හෙට තමන්ටත් වෙනවා කියලා ආණ්ඩුවේ ඉන්න අනෙක් ඇමැතිවරුනුත් තේරුම් ගත්තොත් ඇඟට ගුණයි.

ඒ වගේම නිදහස් පක්ෂයේ ඇමැතිකම් දරන උදවිය කල්පනා කරන්න ඕනේ රනිල් තමන්ගෙම ඇමැතිවරුන්ට ඔහොම ගහනවා නම් නිදහස් පක්ෂයේ අයට කොහොම ගහයිද කියලා. හැබැයි හො‍ඳකට තියෙන්නේ මේ කිසිම දෙයක් ජනාධිපතිවරයා දන්නේ නැති එකයි. එතුමා ඉතින් රට වටේ ඇවිද ඇවිත බොහොම සන්සුන්ව කාලය ගෙවනවා.

රනිල්ට ඕනෑ විදියට ආණ්ඩු කරගන්න, රට විකුණ ගන්න දීලා එතුමා ලද දෙයින් සෑහිමට පත්වෙලා ඉන්නවා. ජනාධිපතිවරයා වුණත් දන්නවා වැඩිය දඟලන්න ගියොත් රනිල් උන්නැහැ ඊළඟට ගහන්නේ තමන්ට කියලා. නයාට ගහලා පොල්ල වරද්දගන්නේ මොකටද කියලා එතුමා හිතනවා ඇති.

රනිල් බලයට පත් වුණ හැම අවස්ථාවකම රට අවුලෙන් අවුලට ගියා මිසක් රටට වෙච්ච හොඳක් නැහැ. 2001 දී බලයට ආපු රනිල් රාජ්‍ය දේපළ විකුණලා දැම්මා විතරක් නෙමෙයි සටන් විරාම ගිවිසුමක් අත්සන් කරලා රට පාවා දෙන්නත් ගියා. රටේම ලොකු පිනක් තිබිලා ඒ ආණ්ඩුව අවුරුදු දෙකෙන් කඩන් වැටුණේ නැත්නම් අද ලංකාව කියන්නේ රටවල් දෙකක්.

මේ පාරත් රනිල් රනිල් උත්සාහ කරන්නේ එදා බැරිවෙච්ච අරමුණට යන්නයි. අද මේ රටේ රනිල්ගේ පදයට නටන්නේ නැත්තේ ඒකාබද්ධ විපක්ෂය විතරයි. අනෙක් සේරම රනිල් කරන දේවල් ඇහකන පියාගෙන අනුමත කළාට අපි එහෙම කරන්න ලැහැස්ති නැහැ. මේ රට ආයෙත් විකුණන්න රනිල්ට අපි ඉඩ දෙන්නේ නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

20 views

4 Comments to “ඒකාබද්ද මන්ත‍්‍රීනට කැබිනට් ඇමතිකම්.. කෝටි ගණන් මුදල් සන්තෝෂම්..”

  1. LION says:

    සල්ලි අරන් මුන් ගමට ආවොත් කොස්ස ගන්න

  2. padma says:

    In the near future people will come to about how this rouge has robbed Govt funds during MR regime. Pl be patience.

  3. David Milli-Banda says:

    Mokada aney may JO eka විවිධ සෙවා සමුපකාර සමිති huragena yanne hamathanama?
    Dennako yahapalana paksha walata chance ekak.

    Oya salli walata panina ewun gamata awot hanwadu gahanna lasthi wela e-mu.

  4. SS says:

    Prasanna ඉල්ලලා දීලා නැහැ වගේ

Main News