ඒකාබද්ද මන්ත‍්‍රීන් සමස්ත ලංකා කාරක සභාව වර්ජනය කරයි.. ප‍්‍රියංකර යයි.. ජනපතිගෙන් අද විශේෂ තීන්දුවක්..

March 2, 2017 at 1:20 pm | lanka C news
ඒකාබද්ද මන්ත‍්‍රීන් සමස්ත ලංකා කාරක සභාව වර්ජනය කරයි.. ප‍්‍රියංකර යයි.. ජනපතිගෙන් අද විශේෂ තීන්දුවක්..

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වෙන් අද පෙරවරුවේ පැවැත්වුනු ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රී කුමාර වෙල්ගම සහභාගී නොවීය.

එසේම අද පස්වරුවේ පැවැත්වෙන ශ‍්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාවටද සහභාගී නොවීමටද ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සියළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබේ.

මේ අතර අද පස්වරුවේ පැවැත්වන සමස්ථ ලංකා කාරක සභාවේදී ජනාදීපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි දකුණු මහ ඇමති ශාන් විජේලාල් මහතා සදහන් කරයි.

කෙසෙ වෙතත් අද පැවති මාධ්‍යම කාරක සභාවට මෑතකදී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රියංකර ජයරත්න මහතාද සහභාගී විය.

42 views
Main News