ඒකාබද්ද මන්ත්‍රීන් හතක් ආණ්ඩුවට..
August 15, 2017 at 2:10 pm | lanka C news
දැනට ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට එක් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පල කිරිමට නියමිත බව අද ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩර මහතා පැවසීය.
අද වන විට ඒකාබද්ද විපක්ෂය දෙදරා ගොස් ඇති බවත් ජනාධිපතිවරයා සමග සිටින ශ්‍රීලනිප පාක්ෂිකයින් විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් සමීක්ෂණයකින් හෙලිව ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.