ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක් ජනපති මෛත‍්‍රී හමුවී සාකච්චා..

September 17, 2017 at 1:20 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක් ජනපති මෛත‍්‍රී හමුවී සාකච්චා..

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්චා කර ඇත.

මෙම සාකච්චාව සදහා දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, තිස්ස විතාරණ, ජයන්ත සමරවීර යන අය එක් වී තිබේ.

මෙහිදී සාකච්චා කර ඇත්තේ අතුරුදහන් වූවන් පිලිබද පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැනයි.

සාකච්චාවලදී ජනාධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබුණු බව ඔවුන් සදහන් කරති.

44 views
Main News