ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රචාර නිසා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය දෙගිඩියාවෙන්…

December 18, 2016 at 9:20 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රචාර නිසා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය දෙගිඩියාවෙන්…

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රචාරයන් හමුවේ චීනය දෙගිඩියාවට පත්ව සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. චීනයේ ගුවැන්සෝ ප‍්‍රාන්තයේ සිට අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

රජයේ සහ විපක්ෂයේ නියෝජතයින් 14 දෙනෙකු මේ වන විට චීනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවවී සිටියි. තාක්ෂණික. ආර්ථික, වෘත්තිය පුහුණු, අධ්‍යාපනික ප‍්‍රවනතා, කෘෂිකර්මය ඇතුළු අංශ ගණනාවක් පිළබඳ නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි. චීනයේ බීජිං, ගුවැන්සෝ, හුවාන් ඇතුළු ප‍්‍රදේශ ගණනාවක එම ක්‍ෂේත‍්‍ර නිරීක්ෂණ චාරිකාව කි‍්‍රයාත්මකයි. චීන රජය විසින් ඒ සඳහා පහසුකම් සළසයි.

එම චාරිකාව අතරතුර කරුණු පැහැදිලි කළ අමාත්‍ය පාලික රංගේ බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

අපි චීන ප‍්‍රාන්ත බලධාරීන් මෙන්ම ආයෝජිකයින් සමගත්, සිවිල් සංවිධාන සමගත් සාකච්ඡුා සිදු කළා. ශී‍්‍ර ලංකාවේ රජය අස්ථාවර බවට විවිධ කන්ඩායම් විසින් කරන ප‍්‍රකාශ පිළිබඳ ඔවුන් අපගෙන් කරුණු විමසා සිටියා. ඔවුන් තුළ තිබුණේ දෙගිඩියාවකින් යුතු ස්ථාවරයක්. හිටපු ජනාධිපතිවරයා මීට ඉහතදී චීනයට ගොස් පල කර තිබූ අදහස් ඊට ප‍්‍රධාන වශයෙන් බලපාලා තිබුණා. ඉතා කෙටි කාලයකින් වත්මන් ආණ්ඩුව වෙනස් වන බවට ඔහු කළ ප‍්‍රකාශ පිළිබඳ චීන බලධාරීන් කරුණු විමසා සිටියා. පසුගිය දින දෙකක කාලය තුළ සිදු කළ සාකච්ඡුාවලදී මමත් රජයේ නියෝජිතයනුත් මෙම ප‍්‍රකාශ ව්‍යාජ මතයක් බව පැහැදිලි කර දුන්නා. චීනයේ ප‍්‍රාන්ත බලධාරීන් මේ පිළිබඳ පුදුමයට පත්වුණා. කොහොම වුණත් ඔවුන් සුභවාදී දිශාවකට පරිවර්තනය කර ගන්න මෙම සාකච්ඡුා ඉවහල් වුණා. ඒ වගේම ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා ශක්තිමත් පලාත් පාලන ව්‍යුහයක් ඇති කිරීමට අදාල වැඩපිළිවෙල සකස් කරන බවත් ඉදිරි කාලය තුළ පැවැත්වීමට නියමිත මැතිවරණවලදී සම්මුතිවාදී රජය තවදුුරටත් ශක්තිමත්වන බවත් චීන නියෝජිතයින් වෙත පැහැදිලි කර දුන්නා. ශී‍්‍ර ලංකාවේ පවතින සැබෑ ස්ථාවරත්වය පැහැදිලි කර දිමට මෙම සාකච්ඡුා වඩාත් වැදගත් කාරණයක් වූ බවත් කියන්න කැමතියි.

අපි දේශපාලන වශයෙන් මෙන්ම සිවිල් සංවිධාන සහ එරට තාක්ෂණික වෘත්තිකයින් සමගත් සාකච්ඡුා කළා. ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරභාවය පිලිබඳ තිබූ සැකය දුරු කර දීම පිළිබඳ ඔවුන් අපට ස්තූතිය ද පුද කළා. ඒ වගේම චීනයේ ආයෝජකයින් ශී‍්‍ර ලංකාවට පැමිණීමට එකගතාව පල කළා. අපගේ සංචාරය මගින් පුළුල් වූ විශ්වාසය තුළ නව ආයෝජකයින් පිරිසක් එක් වූ බව මාගේ විශ්වාසයයි. ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායන් සහ කඩිනමින් සිදු විය යුතු රාජ්‍යතාන්ති‍්‍රක කාරණා පිළිබඳත් සාකච්ඡුා සිදු වුණා. විශේෂයෙන් සිදු වූ තවත් සාකච්ඡුාවක් වුණේ බෞද්ධාගමික සබදතා තවදුරටත් තහවුරු කර ගැනීම පිළිබඳයි. ඒ වෙනුවෙන් දෙරටේ භික්‍ෂූන් වහන්සේලා අතර සබඳතා ඇති කිරීම සුදුසු බවට යෝජනා වුණා.

එමෙන්ම වෘත්තිය පුහුණු අවස්ථා ශී‍්‍ර ලංකාව තුළ තවදුරටත් ප‍්‍රවර්ධනය කල යුතු බවත් ඒ වෙනුවෙන් වෘත්තිය පුහුණු පාසල් කිහිපයක් හෝ අළුතින් ආරම්භ කළ යුතු බවත් ඔවුන් නැවතත් පැහැදිලි කළා. මෙම කාරණය මීට ඉහතදී ද පැහැදිලි කරමින් ඊට සහය ලබාදීමට එකගතාව පල කල ද ඒ කෙරෙහි ශී‍්‍ර ලංකාව නිසි අවධානයක් යොමු නොකළ බවත් ගුවැන්සෝ බලධාරීන් ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ ආරම්භ කරන කර්මාන්ත සඳහා ලාංකික තරුණයින් රැකියා සඳහා බඳවා ගැනීමටත් ඔවුන් එකග වුණා. එසේ වීමට නම් පුහුණුව සහිත වෘත්තිකයින් අවශ්‍ය බවයි ඔවුන් අපට පෙන්නල දුන්නේ. ඒ වෙනුවෙන් කඩිනම් හා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට මා එකගතාව පල කළා. ඉදිරි දින කිහිපයේදී අපි බීජිං නුවර ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක නීරික්ෂණ වැඩසටහන් සහ සාකච්ඡුා සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා. කාර්මික, තාක්‍ෂණික, නව නගර සංවර්ධනය, මාර්ග සංවර්ධනය යන ක්‍ෂේත‍්‍ර පිිළිබඳ අප දැනුම්වත් කිරීමට චීන රජය පහසුකම් සලසා තිිබෙනවා.

මාධ්‍ය ඒකකය,
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශය

27 views

4 Comments to “ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රචාර නිසා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය දෙගිඩියාවෙන්…”

  1. Deepal says:

    මුං හිතාගෙන ඉන්නෙ චීන්නුත් මුං වගේ පුන්නක්කු කන්නෙ කියලා..උන් හොඳට අධ්‍යනය කරලා තියෙන්නෙ මුං කියපුවයි..කරපුවයි..ආවගමන් පොර්ට් සිටි එක නවත්තපු හැටියි..මුංගෙ මහ එකා සහ කරුංකයා චීනෙට චන්ඩි ටොක් දාපු හැටියි

  2. Range singlish says:

    Ado range….sinhalenda umba explain kale.ela bro..

  3. singha01 says:

    මේව කියල චීන්නුන්ව නම් අන්දන්න බැහැ. මුනුත් ඒක දන්නව. ඒවුනාට ට්‍රයි කරන්නෙ ඒකෙන් අපේ බත් කන හරකුන්ව තව අන්දන්න.

  4. ebaran says:

    මුන් ටික රට විකුණාගෙන කනවා. තොපේ ගැනු දරුවන්ට පාචනේ හැදිලා නොමරුනොත් ඇති.

Main News