ඒකාබද්ද විපක්ෂය පසුබාලා.. ආණ්ඩුව ඉදිරියට ඇවිත්..- රාජිත
October 1, 2017 at 6:27 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල බලමණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල දී මාධ්‍ය හමුවක් පැවැත්විය.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිතුවා තුනෙන් දෙකක බලයක් නොලැබෙයි කියලා. ඔවුන්ගේ උත්සාහය වූයේ මෙම වැඩපිළිවෙල කඩාකලප්පල් කිරීමටයි. නමුත් එය පරාජය වුනා. එම නිසා රාජපක්ෂ කල්ලිය විශාල පසුබෑමකට ලක්වුනා. දැන් පළාත් සභා මන්ත්‍රීවරුන් ක්‍රමක්‍රමයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වෙනවා. උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරු 13 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන බව මාධ්‍ය වාර්තා කර තිබුනා. නමුත් ඒ පිළිබද පැවැති සාකච්ඡාවටත් පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 06 ක් පමණයි. ඔවුන් දැන් තීරණය කර තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටිය යුතුයි කියලා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබද මහානායක හිමිවරුන් ද දැනුවත් කළා. එහි අවසන් තීන්දුව පාර්ලිමේන්තුව විසින් ගනු ලබනවා.
මැලේරියා රෝගය යළි වර්ධනය වීමේ අවධානමක් නැහැ. එය මර්දනය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. එම නිසයි ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියා රෝගය තුරන් වූ රටක් කළ ශ්‍රී ලංකාවට සහතිකයක් ලබාදුන්නේ.”
මෙහිදී මාධ්‍යවේදීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය පිළිබදව ද විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම වැඩවර්ජනය පිළිබද ඉදිරියේ දී දැකබලා ගත හැකි බවයි. “තව ද මම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඇතුලු අනෙකුත් දේශපාලන පක්ෂවල සියලු දෙනාම ආශ්‍රය කරමින් ඉදිරියටත් දේශපාලනය කරනවා.”
– ප්‍රසන්න අධිකාරී
Maarayi…
Chandayak tiyapanko idiroya balanna dekaya namila.
තො ගේ කට විතරයි චන්දයක් තියලබලපිය උරු දතො