ඒකාබද්ද විපක්‍ෂය මෙතරම් ගොඩගියේ දිනේෂ් ගුණවර්ධන නිසා.. මහින්දට පසුව එකම නායකයා ඔහු පමණයි..- වෙල්ගම

August 5, 2018 at 3:50 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂය මෙතරම් ගොඩගියේ දිනේෂ් ගුණවර්ධන නිසා.. මහින්දට පසුව එකම නායකයා ඔහු පමණයි..- වෙල්ගම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පසුව විශ්වාසය තැබිය හැකි නායකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පානදුරේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඒකාබද්ද විපක්‍ෂය මෙතරම් දුරට මහජනතාව අතරට ගියේ දිනේෂ් ගුණවර්ධන මහතා නිසා බවත් දිනේෂ් ගුණවර්ධන මහතා මේ රටේ ඕනෑම තනතුරකට සුදුසු බවත් ඔහු සදහන් කලේය.

20 views
Main News