ඒකාබද්ද විපක්‍ෂය හදන්නේ නැවත යුධමය තත්වයක් ඇති කරන්නයි..

August 2, 2017 at 8:02 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂය හදන්නේ නැවත යුධමය තත්වයක් ඇති කරන්නයි..

ඒකාබද්ධ විපක්ෂය යනු තේ කොප්පයෙත් කිඹුල්ලූ දකින පිරිසක් බව ලග්ගල එක්සත් ජාතික පක්ෂ මණ්ත‍්‍රිණි රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සදහන් කළාය.

ප‍්‍රදේශයන් අතරේ විවිධ අවස්ථාවල ගැටුම් ඇතිවන බවත් ඒවා උතුරේද දකුණේද යන්න පිළිබදව නොව එම සිද්ධින් ඔපුටා දැක්වීමේ දී ඔවුන් සිදුකරන්නේ උතුරේ සිද්ධි පමණක් උලූප්පා පෙන්වීම බව ද ඇය සදහන් කළාය.

එවැනි සිද්ධින් පදනම් කර ගනිමින් යළි යුධමය වාතාවරණයක් ඇති කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන බවත් ඒසේ නොකරන ලෙස තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඇය සදහන් කළාය.

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩමක් අහිමි පිරිස් අතරින් පවුල් 225 කට ඉඩම් බලපත‍්‍ර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව ස`දහන් කළාය.

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලීය ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයේ දී උත්සවය පැවැත්විනි.

දැනට අනුපවුල් වශයෙන් සිටින මෙන්ම අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් වෙත මෙම බලපත‍්‍ර ප‍්‍රධානය කෙරිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය.

‘අවුරුදු පහලවක් ඉඩම් නිළධාරියෙක් ඉදලා නෑ ලග්ගල – පල්ලේගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට. පසුගිය රජය සමයේ ලග්ගල ප‍්‍රදේශයේ ජනතාවට ඉඩම් හිමිකම ලබාදුන්නානම් අද වන විට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් වන්දි ලබන පිරිස අතිමහත්. නමුත් එහෙම වුනේ නැහැ. ලග්ගල ලොකු පිරිසක් ඉන්නවා තමන් ජීවත්වෙච්ච භූමියට අයිතියක් කියාගන්න බැරිව.
ඒ නිසා මම ඉඩම් අමාත්‍යංශයේ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා එක්ක කතාකරලා තියෙනවා අපි නොබෝ දිනකින් ජංගම සේවයක් පවත්වලා ලග්ගල මැතිවරණ කොට්ඨාශයේම ඉඩම් ගැටළු සේරම විසදලා දෙන්න.

එදා මොරගහකන්දේ උද්ඝෝෂණ තියෙද්දි සමහර මැති ඇමතිවරු පාර වෙනස් කරලා ගියා. එදා ජනතාව වැඩිහරියක් හිටියේ මහපාරේ.නමුත් මම පෞද්ගලිකවම මැදිහත්වෙලා ඒ අයට වන්දි ලාබදෙන්න කටයුතු කළා.

ඒ වගේම ඔවුන්ගේ වන්දි තක්සේරුවේ ගැටළු තිබුනා. අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමත් ඒ වගේම හිටපු මුදල් ඇමතිතුමත් මැදිහත්වෙලා වන්දි මුදල සියයට පනහකින් වැඩිකලා. අදවන විට ඒ ප‍්‍රතිලාභ ජනතාව විදිනවා.

ලග්ගල පල්ලේගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පමණක් සියයට පනහ වන්ද මුදල් ලබාගන්න අවශ්‍ය පිරිසෙන් සියයට පනස් තුනක් මේ වන විට සියයට පනහා වන්දිය ලබාගෙන තියෙනවා.

දැන් මේ දවස්වල කතාවෙන කාරණයක් කියන්න ඕනේ. මේක මගේ පෞද්ගලික මතය. පක්ෂයේ මතය නෙවෙයි. වැරැද්දක් වෙලා තියෙනවා නම් රවිකරුණානායක ඇමතිතුමාටත් අවශ්‍ය පරික්ෂණ ක‍්‍රියාත්ක වෙයි.

නමුත් මේ රවිකරුණානායක ඇමතිතුමාගේ හෝ අර්ජුන් ඇලොසියස් මහතාගේ සිද්ධියක් ඉස්සරහට දාලා පහුගිය කාලේ සිද්ධවෙච්ච දේවල් සාධාරණිකරණය කරන්න හදනවා නම් ඒකට මේ යහපාලන ආණ්ඩුව ඉඩදෙන්නේ නැහැ.’ යැයි ද සදහන් කළාය.

– ඉන්දික අරුණ කුමාර

6 views

3 Comments to “ඒකාබද්ද විපක්‍ෂය හදන්නේ නැවත යුධමය තත්වයක් ඇති කරන්නයි..”

  1. Sisira says:

    උතුරේ police නිලධාරීන් කඩු වලින් කැපුවා දකුණේ police නිලධාරීන් මිනිස්සුංව මරනවා. ඒකයි යහපාලනය වෙනස

    • janaka says:

      මේ ගෑනි ඉපදුනේ ඊයේ පෙරේදා වෙන්න ඕනා .තමුන්ගේ වාසියට ඇත්ත ඇත්ත හැටියට උවමනාවෙන්ම දකින එක මගහරින දේශපාලුවෝ දේසපාල ගෑනු නිසා තමයි එදත් යුද්දයක් ඇතිවුනේ .බොල කොරන්න ඕනා දේ කොරපන් හමුදාව දාල උතුරේ ත්‍රස්තවදියෝ අත් අඩංගුවට ගනිව් එකාබද්දේ නෙවෙයි පොලිසියට කඩුවෙන් කොටන්නේ බෝලාගේ සශිකලා මන්තිරිනි නියෝජනය කරන කොටි හැත්ත .
      මෙන්න මේවගේ දේශපාලු හැත්ත මේ රටට විනයක් මුන් තමුන්ගේ හොද්ද නැතිවේවි කියල බලන්නේ ත්‍රස්තවාදියාව පාවා පුසෙක් කියල කියන්න .කොටි රෙද්ද අස්සේ දාගෙන ඉන්න පක්ෂයක් වන unp හැත්ත ගැන ඉතින් කවර කතාද

Main News