ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීන් වෙන්දේසියේ.. ආණ්ඩුව ඉහල මිලක් ගෙවා ගනී..

December 13, 2017 at 12:00 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීන් වෙන්දේසියේ.. ආණ්ඩුව ඉහල මිලක් ගෙවා ගනී..

‘ඒකාබද්ධ විපක්ෂයේ සිටි අයට අපේ ලග මිලක් තිබුනෙ නෑ. ඒ අයට මිලක් හදලා ආණ්ඩුව දැන් ඔවුන් වෙන්දේසියට දමා තිබෙනවා’ යයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

දේශපාලන ඔළු මාරුවක් උනත් ඒකාබද්ධ විපක්ෂය සහිත සන්ධානයට ඇති ජනපද ම කිසිදු ආකාරයකින් වෙනස් වී හෝ අඩු වී හෝ නැති බවද ඔහු එහිදී කියා සිටියේය.

‘අද ජනතාවට මේ ආණ්ඩුව වහ කදුරු වගේ. අපේ ළඟ හිටපු අයට අපි මිලක් නියම කරලා තිබුණේ නෑ. අපි වැඩ කරන්නේ ප්‍රතිපත්ති එක්ක නිසා එවැනි අයට මිල කරන්න බෑ.

ප්‍රතිපත්තිය රකින්න බැරි අය මිළ කිරිම් වලට අහු වෙනවා.

එහෙම අය තමයි ආණ්ඩුවේ අද වෙන්දේසි වෙන්නේ.

ඔවුන් මිල කිරීමෙන් වෙන්දේසි වෙන්නේ ඔවුන් විතරක් නොවේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාව ඡන්දයක් වෙන්දෙසි වෙනවා’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.

65 views

6 Comments to “ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීන් වෙන්දේසියේ.. ආණ්ඩුව ඉහල මිලක් ගෙවා ගනී..”

  1. Ruwan says:

    Thank you accepting that there is no value for the JO members and they did not have any backup from the people.

    • kate says:

      Ruwan Gonharaka, Try to understand clearly what he is telling. Your bloody UNP blood ruin my country. Open your eyes and see what has happend to country. MP Rohitha, U are correct . Traitors are going for money. But poor genaral public are with JO. Dont worry.

  2. Nandasoma says:

    ජනතාව ද්‍රෝහීන් තෝරා බේරා ගෙන ඉවරයි…..

  3. Samare says:

    රටට වෙලා තියෙන මහා නස්පැත්ති දිහා බලද්දි මේ එහා මෙහා වෙන හාල්කෑලි මහජනතාවට ගානක් නැහැ. එල්ලෙන්ඩ වැල් නැති මහ එකාට නම් මේව හරි ඉහල මෝඩ චූන්.
    ගිලෙන්ඩ යන වාහේ පිදුරු ගහෙත් එල්ලෙනවළු

  4. Yasmin says:

    Mahinda ge set eka salli walata Amma unath wikunai

Main News