ඒකාබද්ද විරෝධයට බස් දීම වැලකු නිලධාරීන් ගස්.. දඬුවම් විදීම ස්ථිරයි..

September 3, 2018 at 8:40 am | lanka C news
ඒකාබද්ද විරෝධයට බස් දීම වැලකු නිලධාරීන් ගස්.. දඬුවම් විදීම ස්ථිරයි..

අනිද්දා දිනයේ කොළඹදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවයට බාධා කිරීම සදහා බස් රථවලට නියෝග පනවා ඇති නිලධාරීන්ට මීලග රජයක් යටතේ නීතිය හමුවේ දඬුවම් විදීමට සිදුවනු ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

එසේ දඬුවම් විදීමට වැඩි කාලයක් නැති බවත් වසරක් හෝ දෙකක් ඇතුලත ස්ථිරවම බිහි කරන නව ආණ්ඩුවක් යටතේ නීතිය ක‍්‍රියාත්මක වනු ඇති බවද ඔවුන් කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ද විපක්‍ෂ ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

ඉදිරි දින 05ක පමණ කාලයක් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතේ ඇති බස් රථවලට විශේෂ චාරිකා තහනම් කරමින් හා සිය මාර්ගයේ අනිවාර්යෙන්ම ධාවනය කරවිය යුතු බවට මේ වන විට නියෝග කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරන්නේ තම විරෝධතාවය කඩා කප්පල් කිරීමේ අරමුණින් මෙම නියෝගය පනවා ඇති බවයි.

183 views
Main News