ඒකාබද්ද-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුවෙන් මැතිවරණයට..?

December 9, 2017 at 2:10 pm | lanka C news
ඒකාබද්ද-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුවෙන් මැතිවරණයට..?

ඒකාබද්ද විපක්‍ෂය හා හ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ‘පුටුව’ ලකුණ යටතේ පොදුජන එක්සත් පෙරමුණින් තරග කරනු ඇති බව සති අන්ත ලක්බිම පුවත්පත වාර්තා කරයි.

මෙම තිරණය ගෙන ඇත්තේ දෙපාර්ශ්වයේ ඉහල මට්ටමේ නියෝජිතයන් අතර බ‍්‍රහස්පතින්දා දිනයේ පැවති සාකච්ඡාවකදී බවත් එහි සදහන්ය.

මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයමී සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියට පැවැත්වෙනු ඇති බවද සදහන්ය.

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා පොදුජන එක්සත් පෙරමුණේ මහ ‍ලේකම් ලෙස කටයුතු කරන අතර මැතිවණය මෙහෙයවීම ඔහු යටතේ සිදුවනු ඇති බවද සදහන්ය.

ලක්බිම පුවත්පත නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පවුලට අයත් සමාගමක් විසින් මුද‍්‍රණය කරන පුවත්පතක් වෙයි.

166 views

21 Comments to “ඒකාබද්ද-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුවෙන් මැතිවරණයට..?”

  1. අනගාරික says:

    රැවටෙමු යලිත් නැහැ කිසි සැකයක් මැතිඳ
    සැනසෙමු අසා ඔබ දෙසනා බොරු දුගඳ
    පිලිගමු ඔබව ආවිට ඡන්දය නැමඳ
    දිනවමු කර මතින් ගෙන ගොස් ඔබ සබඳ

  2. Lakshman says:

    ඒකාබද්ද විපක්‍ෂයේත් හා හ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් ඉහල මට්ටමේ නියෝජිතයන්ගේ සාකච්ඡා මාෙනවද? මහජන මතයට පයින් ගසා මේ වගේ සාකච්ඡා වලට අසුවී අද දුක් විඳින්නේ මහජනයා නොවේද? මහජන මතයට පයින් ගසනෝ හොරුන්ය, තක්කඩියන්ය, ඒකාධිපතියන්ය. ඉහල මට්ටමේ හොරුන්ගේ ගැට වලට අසු නොවෙමු.

  3. Sadda says:

    Thilangage paththaren dena choon walata kalabala wenna epa. Minihek uthsaha kalyuththe re wetunu wale dawaluth wetee nositeematai. Pakshaye sabhapathi kamai aluth madyama karaka sabhawai pihituwaganna denawanam ekathu unata kamak nehe.

  4. Buddhist says:

    “What a shame M3 has at last joined with the “PATTA HORU”. Is this the Yapahalanaya he promised. This assures that Mahinda Rajapakse family will be protected from all legal actions, this is the end, Sri Lanka can never be changed and all the politicians of all parties are the same. Country has gone to dogs.

  5. Upali says:

    මේ පුවත ඉස්තිර උවොත් මම නම් මේ මැතිවරනයේදි ප්‍රතිපලය එන තෙක්ම නිහඬව ඉන්න එක හොඳයි කියලා තමයි සිතන්නෙ. අනේ අපේ උත්සාහය වතුරේ යයි නේද ..?

  6. YES Mahinda will have NO votes if he joins siri jarawas SLFP….we the people will not vote for you if you join sirisena the traitor who destroyed our motherland…..Mahinda always keep that in mind.

  7. Asitha,Basil,Nilantha Sarath Kumara WELL SAID AGREE 100% with ALL your above comments.

  8. අටුව කඩලා පුටුව හැදුවලු. says:

    අටුව කඩලා පුටුව හැදුවේ ඉස්සර බාස්ලා. දැන් අත කඩලා පුටුව හදනවද? බුලත් කොලේ පුටුව යටට දාලා පදික්කමෙන් වහන්න කාරලා කෙල තැම්බක් දාලා.

Main News