ඒකාබද්ධ මන්ත්‍රී හමුවේදී මන්ත්‍රීන් පිරිසකට මහින්දගෙන් කුණු බැණුම්..
June 14, 2018 at 9:20 am | lanka C news
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පෙරේදා (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදී රැස්වී ඇති අතර එහිදී රාජපක්ෂ මහතා සිය කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා වේ.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හැර සෙසු අය මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිට ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිට ඇත.
සාකච්ඡාව ආරම්භයේදීම හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු කර ඇත්තේ ඉකුත්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳවය.
“අපේ සමහර අය මම දෙන උපදෙස් පිළිපදින්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්නෙ. ජනතාව අපි වටා එකතුවෙන කොට අපි පෞද්ගලික දේවල් මුල්කර ගෙන ප්‍රශ්න ඇති කරනවා. ආණ්ඩුවට විරුද්ධ හැමෝම ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙලා අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ නෑ. අපිට තියෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ හැමෝම සමග එකතුවෙලා ආණ්ඩුව පෙරළන්නයි. එහෙම කරන්න බැරි අය ඉන්නවා නම් ඒක අපි කලින් දැන ගන්න ඕනේ.” යැයිද රාජපක්ෂ මහතා මෙහිදී දැඩි ස්වරයකින් ප්‍රකාශ කර ඇත.
අවසානයේ නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කනගාටු වෙමින් ඉදිරියේදී රට පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ල.නි.ප 16 දෙනාද එක්කර ගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසගෙන ඇත.
ජයසූරිය උඩුකුඹුර
– lakbima
Obathuma hari……………….දේශපාලනේ නොතේරෙන පොඩි එවුන්ට පස්ස ට පයින්දීල හරි පාලනය කරන්නා වෙනවා
Aya Beelada Benne?
How can he blame the others when 3 Satakayas were absent for voting. Wedi Bana.
At leat during a rain, please go in to a close by Montessori to brush up your brain. Then u will be able to understand these things better.
Hooooo
Please…….explain……
උන්දෑ දැන්ද කනස්සල්ලට පත් වෙන්නේ ?
එ් කාලේ ස්ත්‍රී දූෂණ වෙද්දී, ටීචර්ලා දන ගස්සවද්දී,මිනිස්සුන්ව ගස් බදිද්දී ඇස් කන් පියාගෙන හිටියා – තම හෙන්චයියෝ, මැරයෝ,දූසිතයෝ,පුතාලා,බිරිඳ නෑදෑයින්ට රට වැසි ජනතාව පෙලන්න දූෂණය කරන්න ඉඩ දීලා බලන් හිටියා (පරාද වුනාට පස්සේ රාජපක්ෂම ඒ බව පලිගත්තා).
රාජපකෂ ඇතුළුව මේ හැම පාලනයකම පදනම ගමේ නගරයේ තගාලා,මැරයෝ, දූෂිතයෝ අවස්තාවදීන් හා පවුල්වල උදවිය.ඒකයි ඒ අයට අයුක්තියට එරෙහිව යුක්තියේ පැත්ත ගන්න බැරි…එ්කයි ඒ අයට මැරයන්,දූෂිතයින් හොරැන්ගේ ක්‍රියාකාරකම් වලට ඉඩදීලා ජනතාවගේ පැත්ත නොගෙන ඉන්න වෙන්නේ….
මේ ආණ්ඩුවෙත් පදනම රාජපක්ෂ පදනමමයි….ගෝඨා මතුවෙන්නෙත් ඒ පදනමමෙන්මයි…
ජනතාවට රටට අද මේ සාම්ප්‍රදායක අශිලාචාර යල්පිනූ පදනම බිද දැමීමට අවශ්‍යයයි…
එය සිදුවෙන එකම මග ජනතා විප්ලවයක් පමනයි…
අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මේ පාලක වැම්පයර්ස්ලා වෙනුවට ජනතාවට නැවුම් කාරැනික ජනතාවාදී නායකයන් අවශ්‍යව ඇත.ඒ බලාපොරොත්තුව යථාර්තයක් වනු ඇත්තේ විප්ලවයකින් පමණි…
71 saha 88/89 JVP viplawaya wageda? ayi kalinwage tharunayo laxa gannak mara ganna onida? moda katha kiyanna epa halo.
mahinda mahattaya boru mawapeemak karanne. gota chanda laksa 30 ganiyi mahinda laksa 40 ganiyi maitri laksa 24 ganiyi maitri mahattayata behe, gamakwath palana karann behe
API WEN WISWAVIDYALA UPADI, PASCHAT UPADI ETHI WAYAS 50 PAMANA WANA BUDDIMATH KENEK SOYA GANIMU HAMUDA SUDUSUKAM APATA WEDAK NETHA.
NETHNAM RATA WINASAWELA NETHI WELA YANAWA.