ඒකීය රාජ්‍යයක් යටතේ බලය ඛෙදා හරින්න සූදානම්..- රාජිත

June 27, 2017 at 8:40 am | lanka C news
ඒකීය රාජ්‍යයක් යටතේ බලය ඛෙදා හරින්න සූදානම්..- රාජිත

බලයට ඇති කෑදරකම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විනාශ කරන බව සෞඛ්‍ය ඇමැති කියයි.

“අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” සංවිධානය කරන ලද “අලුත් ව්‍යවස්ථාවට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ හොරණ ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.

“රටේ ප්‍රශ්ණ මදිවට ව්‍යවස්ථාව ගැන කථා කරනවා ද කියා ජනතාවට ප්‍රශ්ණයක් තිඛෙනවා. රටක් සෑදීම හරිම අමාරුයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරිම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ජාතික ප්‍රශ්ණය විසදීම යන කරුණු කෙරෙහි ව්‍යවස්ථා සම්පාදනයේ දී වැඩි අවධානය යොමු කරනවා. ජාති, ආගම් මත රට තුල ගැටුම් නිර්මාණය කරන පිරිසකුත් සිටිනවා. මිනිස්කම හදුනාගත යුතුයි. ඇතැම් විදේශීය රටවල ජාති, ආගම්, කුලය ගැන බලන්නේ නැහැ. මම ඒකාධිපති ක්‍රමයට කැමැති නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට හරිම ආදරෙයි. ඡේ.ආර් ජයවර්ධන මහතා විසින් ගෙන එන ලද ඒකාධිපති ව්‍යවස්ථාවට මම 1978 වර්ෂයේ සිටම විරුද්ධව කථා කළා. හිටපු ජනාධිපතිනිය මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කළත් අවසානයේ ඇයත් බලතල වැඩි කර ගත්තා. පසුව ඇය ප්‍රකාශ කළා බලතල වැඩි කිරීමට මුලික වුයේ මහාචාර්ය ජී.එල් පිරීස් කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට තීන්දු තීරණ සම්මත කර තිඛෙනවා.

ජනාධිපතිධූරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නීතියත් වත්මන් රජය වෙනස් කළා. පාර්ලිෙමින්තුවෙි දීත් ජනාධිපතිවරයා විවෙිචනය කළ හැකියි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉටු කළේ එයයි. වත්මන් ජනාධිපතිවරයා තම බලතල දන් දී තිඛෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ හොත් මැතිවරණ සදහා විශාල මුදලක් වැය කිරිමට සිදු වෙනවා. සාමාජය විසින් පිළිගත් පුද්ගලයින්ට පාර්ලිමෙින්තුව නියෝජනය කරන්න බැරි වුනත්, මුදලාලිලාට පාර්ලිමෙින්තුව නියෝජනය කිරීමෙි වරම් උදා වෙනවා. ජාතිය, ආගම ඛෙිරා ගැනීමෙි සටන් හේතුවෙන් රට ආපස්සට ගියා. මනුස්සකම බෙිරා ගන්න කවුරුත් උනන්දු වුනේ නැහැ. අන්‍ය ආගම්වලට ගරහන්න එපා. බුද්ධ වචනයට ගරහමින් ඇතැම් අය කටයුතු කරනවා. නූතන ශ්‍රී ලංකාවෙි පියා ලෙස පොන්නම්බලන් රාමනාදන් මහතා පිළිගන්නේ අපි නොවෙයි. නිදහස් ශ්‍රී ලංකාවෙි ප්‍රථම අග්‍රාමාත්‍යවරයායි. දරුවන්ගේ හිත් තුලින් හෝ ජාතිය, අගම මත කුළල් කා ගැනීම ඉවත් කළ යුතුයි. බලය ලබාගැනීමට සිංහල දේශපාලනඥයින් සිංහල ජාතිවාදය පැතිරවීමට කටයුතු කළා. දෙමළ දේශපාලනඥයින් දෙමළ ජාතිවාදය පැතිරවීමට උත්සාහ කළා. ඉන් පසු මුස්ලිම් ජාතිවාදයත් බිහි වුනා.

ෆෙඩරල් ක්‍රමය පිළිබද පළමුව අදහස් පළ කළේ බණ්ඩාරනායක මහතායි. වර්තමානයේ ඇතැම් දේශපාලනඥයින් කියා සිටිනවා යුද්ධයක් ඇති වුනොත් ඊට මුහුණදීමට විධායක බලතල අවශ්‍ය බව. එය මොන කුණුහරුපයක් ද. එය බොරුවක්. යුද්ධය ඇතිවීමට එක් හේතුවක් වුයේ විධායක ජනාධිපතිධූරයයි. මෙවැනි බොලද දේශපාලන ප්‍රකාශ වලට රැවටෙන්න එපා. මොළයෙන් තීන්දු ගන්න. පපුවෙන් තීන්දු ගන්න එපා. ජාතික ප්‍රශ්ණය ඉදරි පරපුරට බාරදෙන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබද කථීකාව වත්මන් රජය ආරම්භ කර තිඛෙනවා. නමුත් ඒකාබද්ධය හෙවත් මලබද්ධය එම වැඩපිළිවෙල විනාශ කරන්න හදනවා. ඒ බලයට ඇති කෑදරකම නිසයි. උතුර සංවර්ධනය කරන විට දෙන්න එපා කියා කුළල් කා ගන්න එපා. ඒකීය රාජ්‍යයක් යටතේ බලතල ඛෙදා හරින්න දෙමළ ජාතික සංවිධානයත් සුදානම්. සිංහල ජනතාව කැමැති බලතල ඛෙදිමකට. දෙමළ ජනතාවත් කැමැත්ත පළ කර තිඛෙනවා. මෙය ස්වර්ණමය අවස්ථාවක්. මෙිවා කඩාකප්පල් කරන්න ඇතැම් අය ජාතිය, ආගම අල්ලාගෙන කැ ගහනවා. බුදුරජාණන් වහන්සේ කාලාම සුත්‍රයෙන් පවා ජාතිය ආගම ගැන දේශනා කර තිඛෙනවා. බුදුන් වහන්සේ ලඟ මනුස්සකම තිබුනා.”

මෙම අවස්ථාවට ධර්ම සිරි බණ්ඩාරනායක, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, මහින්ද රත්නායක, ලුෂන් බුලත්සිංහල යන මහත්වරු එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

82 views
Main News