ඒකීය රාජ්‍යයක් සදහා අප ඡන්දය දුන්නේ නෑ.. එක්සත් ලංකාවක බලය බෙදිය යුතුයි.. – සම්බන්ධන් රනිල්ට කියයි..

December 12, 2016 at 3:00 pm | lanka C news
ඒකීය රාජ්‍යයක් සදහා අප ඡන්දය දුන්නේ නෑ.. එක්සත් ලංකාවක බලය බෙදිය යුතුයි.. – සම්බන්ධන් රනිල්ට කියයි..

ඒකීය රාජ්‍ය සංකල්ප තමන් කිසි විටෙකත් නොපිළිගන්නා බවත් එක්සත් ශ්‍රීලංකාවක් තුල බලය බෙදිය යුතුයයි යන්න තමන්ගේ එකම ස්ථාවරය බවත් දෙමළ ජාතික සංධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පෙරේදා 10 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයදි හමුවී සාකච්ඡා කල අවස්ථාවේදි දැනුම් දී ඇත.

වාර්ගික අර්බුදය විසදුම් සෙවීමේදී තම ජනතාව ඒකීය රාජ්‍යක් පදනම් කරගෙන ඇතිකරන විසදුමක් සඳහා ඡන්දය ලබා නොදුන් බවත් ඒකිය රාජ්‍ය තුල මධ්‍යම රජය බලය සතු කරගෙන ඇතැයි අගමැතිවරයාට පෙන්වා දුන් දෙමළ ජාතික සංධානය එවන් විසඳුමකදි විමධ්‍යගත බලයත් යලි අත්පත් කර ගැනිමේ බලය මධ්‍යම රජය සතුව පවතින බැවින් එය පිලිගත නොහැකි බවත් තමන් හා තම නායක ආර් සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බව දෙමළ ජාතික සංධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් තවදුරත් කියා සිටියේය.

එක්සත් ලංකාවක උපරිම බලය බෙදිය යුතු බව තම ස්ථාවරය බවත් එම බලතල යලි අත්පත් කර ගත නොහැකි ආකාරයෙන් ලබා දිය යුතු බවත් විපක්‍ෂ නායකයා තව දුරටත් අවධාරණය කර ඇත.

84 views
Main News