ඒඩ්ස් රෝගය ගැන පාසැල් මට්ටමේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන්..

December 12, 2017 at 2:07 am | lanka C news
ඒඩ්ස් රෝගය ගැන පාසැල් මට්ටමේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන්..

‘ඒඩ්ස් මාරාන්තික රෝගයක් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට දැනට විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කර තිබෙනවා. ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් අද දින පාගමනක් පැවැත්වුනා, මමද ඒ සඳහා සහභාගී උනේ එහි වැදගත්කම නිසයි. වෛද්‍ය නිලධාරීන් ඇතුළු සංවිධායක මණ්ඩලය මෙම කටයුතු සංවිධානය කර තිබීම ඉහලින් අගය කලයුතුයි’

ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා එසේ පැවසුයේ බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති රැස්වීමක ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගී වෙමිනි.

තව දුරටත් රැස්වීම ඇමතු ආණ්ඩුකාරවරයා –

ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීම් අධ්‍යාපනය ලබන පාසැල් වලදී සිදුකිරීම මඟින් වැඩිහිටියන් බවට පත්වන විට එහි බරපතල කම වැටහී රෝගය පැතිරීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යය සේවය ජනතාවට වඩා හොඳ සේවයක් ලබාදීමට සමගාමිව ක්‍රියා කරනවා. මේ සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නියලැත්තෝ

ලෝකයේ මෙම රෝගය පැතිරීම අනුව බලන විට ලංකාවේදී සැහෙන වර්ධනයක් තිබෙන බව පැහැදිලියි. මිට පෙර මාතර ගාල්ල වැනි ප්‍රදේශ වල වැඩිපුර තිබුනත් දැන් බදුල්ල වැනි ප්‍රදේශවලත් පැතිරීම වදී වී ඇති බව පැහැදිලියි, මිනිසා මනසින් උසස් අයකු සේ සලකන බැවින් මෙවැනි වසංගතයන්ගෙන් වැලකි ක්‍රියා කිරීම ගැන අවබෝධයකින් සිටිය යුතුය. අප බෞද්ධයන් වශයෙන් පන්සිල් පද පහවත් රැකගෙන කටයුතු කරානම් මෙවැනි රෝග වලට ලක්වීම වලක්වා ගත හැකියි, සමහර පුද්ගලයින්ගේ මේ ක්‍රියාකාරකම්වලින් තිරිසන් ලෝකයේ සිටින අයගේ හැසිරීම් පිළිඹිබු වන බව පැහදිලියි. වෛද්‍ය නිලධාරීන් මෙම රෝගය වැළක්වීමට ගන්නා ක්‍රියා මාර්ග අප අගය කලයුතු බව පැවසිය යුතුයි.

මෙම රැස්වීමට පෙර පාගමනක් සංවිධානය කර තිබු අතර එයට ඌව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මේ අවස්ථවට ඌව පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යංශයේ සහකාර ලේකම් අනුරුද්ධ මහතා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය නිලධාරීන් හෙද නිලධාරීන්. මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගුවන් හමුදාව ඇතුළු හමුදා, පොලිස්, බන්ධනාගාර නිලධාරීන් රැසක් සහභාගී විය.

– uva media

78 views
Main News