ඒඩ්ස් විරෝධී රථ පෙලපාලියක්..

December 3, 2018 at 2:05 am | lanka C news
ඒඩ්ස් විරෝධී රථ පෙලපාලියක්..

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුල එඩ්ස් තුරන් කිරීමට සැවොම එක්වන්නැයි ඉල්ලමින් වව්නියාවේ රථ පෙලපාලියක් (01) දින සංවිධානය කොට තිබුණි.

වව්නියාව ත්‍රී රෝද රථ සංගමය , වව්නියාව මහරෝහල හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වව්නියාව පොලීසියේ සංවිධානත්වයෙන් මෙසේ එඩ්ස් නිවාරණ රථ පෙලපාලිය සංවිධානය කොට තිබුණි.

වව්නියාව මන්නාරම් මාර්ගයේ සිට නගර මධ්‍ය දක්වා පැමිණි රථ පෙලපාලිය අවසන් වූවේ වව්නියාව මහරෝහල් මන්සන්ධියෙනි.

ලෝකය පුරාම එඩ්ස් ආසාධිතයින් වැඩි වීමේ අවධානමත් සමග ශ්‍රීලංකාව තුලද එඩ්ස් ආසාධිතයින් වැඩිවීමේ ප්‍රබනතාවක් වාර්ථා වී ඇති හෙයින්සියලු දෙනා එක්ව එඩ්ස් ආසාදනය මැඩලීමට හැකි බව ජනතාව දැනුවත් කරමින් මෙම රථ පෙලපාලිය සංවිධානය කොට තිබුණි.

වව්නියාව දිසාපති එම්.හනීෆා මහතා සහ වව්නියාව මහරෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.චන්ද්‍රකුමාර් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම එඩ්ස් රෝග නිවාරණ රථ පෙලපාලිය පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

One Comment to “ඒඩ්ස් විරෝධී රථ පෙලපාලියක්..”

  1. david milibanda says:

    Mongol wa idiriyen geniyanna.

Main News