ඒලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගැනීම ගැන ලසිත් මාලිංගගෙන් CID ප‍්‍රශ්න කිරීමක්..? පොදු දේපල අවභාවිතය යටතේ නීතිය..?

July 29, 2019 at 10:14 pm | lanka C news
ඒලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගැනීම ගැන ලසිත් මාලිංගගෙන් CID ප‍්‍රශ්න කිරීමක්..? පොදු දේපල අවභාවිතය යටතේ නීතිය..?

එක්දින පිටියෙන් සමුගත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරි දිනකදී දී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ගැනීමේදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇත්දැයි ප‍්‍රශ්න කරනු ඇතැයි වර්තමානය රහස් පොලිසිය කටයුතු කරන ආකාරයෙන් පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා ඒලියන්ත වයිට් වෛද්යවරයා මුණගැසීමට ගිය දින වකවානු, ගෙවූ මුදල්, ආ ගිය වාහන ආදී සියළු තොරතුරු සූදානම් කර තබා ගන්නා ලෙස ද ලසිත් මාලිංගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ඒ අනුව ලසිත් මාලිංග ද ඉදිරියේ දී පොදු දේපළ අවභාවිතය චෝදනාවලට ලක්විය හැකි තත්වයක් මතු වී ඇති බව පෙනෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටී.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂිෆි සහබ්දීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන ආකාරය අනුව මෙවන් තත්ත්වයක් උදාවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

වින්දිතයින් වැරදිකරුවන් කරන කාසි මෙහෙයුම

වින්දිතයින් වැරදිකරුවන් කරන සාෆි මෙහෙයුම…

Gepostet von Mohomed Muzammil am Montag, 29. Juli 2019

 

59 views

6 Comments to “ඒලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගැනීම ගැන ලසිත් මාලිංගගෙන් CID ප‍්‍රශ්න කිරීමක්..? පොදු දේපල අවභාවිතය යටතේ නීතිය..?”

  1. Buruputha says:

    Malinga gen ehema prashna karanavanam Rajiha genuth prashna kala yuthi. Ai Rajithage As Gulu lede suva kaleth Dr. Aliyantha White thama.

  2. Open mind says:

    ක්රිකට් වලින් නම හදාගත් මාලිංග ව විනාශ කිරීමට දෙපැත්තේ ම දේශපාලකයන් දරන උත්සාහයට විරුද්ධ වෙමු.

  3. Lochi says:

    Mona bailada oy mewwa nikan ahaka yana katha adala aragena minissunwa awussala deshapalane karanna yanne loka prasidda kreedakayo ekka . mun tamay me hondata tiyena rata winasa karanne , ape lankawe minissuth me tambiya kiyana ewata rewatenawane kawda danne me yaka boru munak dagena sinhala jathiyata mama adarei kiyala mokata natanna hadanawada kiyala , muth ekay muge hora nayakaya wimalath ekay , munge hora passport hora uppanna gana , wimalage ganige passport ID gana katha karanne na , me rate minissunwa awussala munge deshapalana gema geniyanna hadanne mun , paksha wedana mun okkomata wada malinga watina minihek

  4. වැඩ්ඩා says:

    ඒලියන්ත වයිට් මහතාට කිසිම පිළිගත් වෛද්‍ය සංගමයක සාමාජිකත්වය නැත. ඔහු වෛද්‍ය විද්‍යාව හදාරා නැත. ඒනිසා ඔහු වෛද්‍ය වරයකු වන්නේද නැත.
    මාලින්ග සුවවූයේ දේව හාස්කමකින් විය යුතුය.

    • harsha says:

      ඒ වගේ අයට කියන්නේ හොර දොස්තරලා කියලා

  5. පොඩි බයියා says:

    හොඳ වෙලාවට මාලි ක්‍රිකට් ගැහැව්වෙ. රගර් ගැහැව්ව නම් ඒලියනතගෙන් නෙමෙයි ලැබෙන්නෙ.

Main News