ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි.. විශ්ව ශක්තියෙන් බලගැන්වූ පැන් කල ඇමතිවරුන් රට පුරා ගංගා වලට එක් කරති.. [Video]

November 1, 2020 at 10:12 pm | lanka C news
ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි.. විශ්ව ශක්තියෙන් බලගැන්වූ පැන් කල ඇමතිවරුන් රට පුරා ගංගා වලට එක් කරති.. [Video]

රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත.

එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද මෙම කළ සතර මුදාහැර ඇතැයි මවුරට වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වල මැති ඇමතිවරුන්ටද පැන් කළ ලබාදී ඇති බවත් ඒවා එම ප්‍රදේශයන්හි ගංගා ඇලදොලවලට මුදාහරින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන්ය.

ඒලියන්ත වයිට් මහතා කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය පරාජය කරන බවටද මෑතකදී වාර්තා පල විය.

205,294 views

129 Comments to “ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි.. විශ්ව ශක්තියෙන් බලගැන්වූ පැන් කල ඇමතිවරුන් රට පුරා ගංගා වලට එක් කරති.. [Video]”

  1. prabath says:

    Should be a team work attempt to awaken the kausala (big merits) with dertermination and concentration .This this fruitless ….

  2. Roch says:

    Rata harak setekak andawan muuu muge pawula godadaagannawa. Kalakanni kahina gothayooo

  3. Asela says:

    Thopi serama oyaa daapu kalath aran wathuratama pan’a nam thamayi ratata sethak wenne ….!!! Kalakanni Thope moda rajath giyapaara paradune owaa wishvasa karala thamayi….!!! Kundalini shakthiya enna hitagena hujja karapiyaw…!! Ratakata giya kalak oyiii

  4. Sujeewa punchihewa says:

    මෙහෙමත් අන්ද බූත මිනිස්සු ඉන්නවනෙ. මේ වයිරස් රෝගය මේ විදිහට ඉවර කරන්න පුලුවන්නම් ඉතින් කලගෙඩි 1000ක් 2000 කින් ලෝකෙම කොරෝනා ඉවර කරන්න පුලුවන්. ඇයි මේ තරම් මිනිස්සු මෝඩ. මිනිස්සුන්ගෙ තියෙන කලු කිලිටි ගති නිසා විශ්වයට එකතු වූ කලු කිරන මේ වයිරස් වෙලා මිනිසුන් විනාශ කරන්නෙ. මිනිස්සු හොද යහපත් දේ සිදුකර විශ්වයට සුදුකිරන වැඩි වැඩියෙන් පිටකර විශ්වය සුදුකිරන ශක්තියෙන් පුරවන්න සැමදෙනා කටයුතු කල යුතුයි මේ මෝඩ මරි වැඩ නොකර.

  5. ගමරාළ says:

    අර සුමනදාස ගොබිලටත් කිව්ව නම් නැකත් පටවෙන දිරච්ච ලනුවක් ගිලින්න තිබුනා…මේ ම්ත්‍යා පස්සෙ යන්න ගිහින් තමා 2015 කෙලව ගත්තෙ. දැන් මේ පිස්සො.තමා මිඩ්වියිෆ් ට්ත් අඩ්වයිස්.දෙන්නේ.. ජනාදිපති තුමා.කෙරේ ජ්නතා විශ්වාසය ගොඩ නැගුනේ මේ මිත්‍යාවන් පසුපස යන්න නොවේ..

  6. HUKARIS says:

    Thirascheena Dharma yanuwen Budun Wahanse hendinwu kriya athara, VasthuVidyawa, Nakshatra/Neketh , Porondam, Bali thovil, Deva Edahii,Bili puuja, siyala anthargataya.

    Ganatattayo eva kiyane netha, ese kalahoth pansal Bankoloth wenawoooooooo.

    Tripitakaye Jaga Suthraya Balanna.

  7. saman says:

    මුට ලැජ්ජ නැද්ද? උබලට ලැජජ නැද්ද?

Main News