ඒලියන්න වයිට් කොරෝනා නසන ක‍්‍රමය සොයාගනී.. ගුවන් සේවිකාව පැය 12න් සුවයි… ඉන්දීය රජයෙන් ඔහුට ආරාධනා කරයි..

June 20, 2020 at 10:02 pm | lanka C news
ඒලියන්න වයිට් කොරෝනා නසන ක‍්‍රමය සොයාගනී.. ගුවන් සේවිකාව පැය 12න් සුවයි… ඉන්දීය රජයෙන් ඔහුට ආරාධනා කරයි..

කොරෝනා වැලදීමෙන් මහා මාස එකහමාරක කාලයක් පීඩා විඳිමින් සිටි මෙරට ගුවන් සේවිකාවක් තමන් විසින් පැය 12ක් ඇතුලත සුවපත් කළ බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරයි.

තමන් විසින් කුණ්ඩලීකරන ශක්තිය භාවිතා කරමින් ඇය සුවපත් කළ බවද කොරෝනා හා සමාන වෛරසයකට ප්‍රතිකාර සොයාගෙන අවුරුදු අසූ තුන්දාහක් ආපස්සට ගමන් කළ බවද ඔහු පවසයි.

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා අගමැති ඇතුළු සෞඛ්‍ය අංශ නියෝජිතයන් සියලුම ආරක්ෂක අංශ කැප වූ බවත් ඒ සියලුදෙනාටම එහි ගෞරවය හිමිවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ විශාල ම කොරෝනා පොකුර සුව කිරීමට තමන්ද ආශිර්වාද කල බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

රෝගය සුව කිරීමේ තම වැඩසටහනේ සාර්ථකත්වය ඉන්දියාව දැනගෙන ඇති බවත් ඒ නිසා ඉන්දියාව තමනට ආරාධනා කර ඇති බවත් ඔහු කියහා සිටී.

ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීත්‍යානුකූල පසුබිම සකස් වෙමින් ඇති බවත් දෙරට අතර පවතින නීති රීති ගැන අවධානය යොමු කර සුදුසු පියවර ගනිමින් සිටින බවත් ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමිනි.

773 views

45 Comments to “ඒලියන්න වයිට් කොරෝනා නසන ක‍්‍රමය සොයාගනී.. ගුවන් සේවිකාව පැය 12න් සුවයි… ඉන්දීය රජයෙන් ඔහුට ආරාධනා කරයි..”

  1. Love nature says:

    කුණ්ඩලිනි යෝගය

    අංගම්පොර සටන් කලාව සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් තමයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම,
    හිටිවනම බඹ ගණනක් ඉහලට පැනීම, ඇතුන් සමග සටන් කිරීම, ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කඩු හරඹ කිරීම වැනි ශාරීරික ශක්තිය සම්බන්ධ හැකියාවන් මෙන්ම අනුන්ගේ සිත් කියවීම, සිතකින් සිතකට කතා කිරීම, චිත්ත බලයෙන් ද්‍රව්‍ය චලනය කිරීම වැනි මානසික ශක්තිය සම්බන්ධ හැකියාවන් ද එම ශිල්පීන් සතුව තිබිලා තියෙනවා. ඔවුන් මෙම ශක්තීන් වර්ධනය කරගැනීමට විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා.

    කුණ්ඩලිනි යනු හින්දු දර්ශනය සමග බැඳී තියෙන යෝග ක්‍රමයකි. නමුත්, ඊටත් පෙර පටන් මෙම ශාස්ත්‍රය පිළිබඳ සිංහලයන් දැනසිටි බව කියැවේ. අප පැරණි අංගම් ශිල්පීන් තමුන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගන්න යොදා ගත්තේ කුණ්ඩලිනි යෝග ක්‍රමයයි. එනම්, මෙම ශක්තිය අංගම්පොර සටන් කලාවට පමණක් නොව සෑම සාම්ප්‍රදායික සටන් කලාවකම හරය වී ඇත. චීන සටන් කලාවන්හි මෙම ශක්තිය හදුන්වන්නේ ‘චී’ යන නමින් වන අතර ජපන් සටන් කලාවල මෙය හදුන්වන්නේ ‘කී’ යන නමිනි. මෙලෙස විවිධාකාර නම්වලින් එකම දෙය හැදින්වුවත් මෙම ශක්තිය එක් එක් සටන් කලාවන් පුබුදු කරගන්නා ආකාරය වෙනස් වේ.

    යෝග ශාස්ත්‍රයේ පියා වන ‘පතංජලී’ නම් සෘෂිවරයා මීට වසර දහස් ගණනකට පෙර යෝග දර්ශනය පිළිබඳව කරුණු එක් රැස් කොට ‘යෝග සූත්‍ර’ නමින් ග්‍රන්ථයක් සම්පාදනය කොට ඇත.

    එම ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට යෝග ශාස්ත්‍රය කොටස් ගණනාවකට බෙදෙනවා. හත යෝග, ශක්ති යෝග, ඥාන යෝග, භක්ති යෝග, කුණ්ඩලිනි යෝග, ධ්‍යාන යෝග, කර්ම යෝග ආදී වශයෙන් හැඳින්වෙන්නේ මේ කොටස් වලින් කීපයක්. ඉතින් කුණ්ඩලිනි යෝග කියලා කියන්නේත් මේ යෝග දර්ශනයේ ම දැක්වෙන එක් ශාස්ත්‍ර කොටසකට තමයි. කුණ්ඩලිනි යෝගයේ මූලික පරමාර්ථය වන්නේ චිත්ත සහ ස්නායු බලය දියුණු කර ගැනීමයි.පතංජලී සෘෂිවරයා පවසන ආකාරයට කොඳු ඇට පෙළේ පහලම අස්ථිය තුල තමයි මේ අද්භූත කුණ්ඩලිනි ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී කුණ්ඩලිනි ශක්තියට අමතරව කොඳු ඇට පේළිය දිගට පිහිටා තිබෙන ශක්ති ස්ථාන හෙවත් චක්‍ර හයක් ගැනත් කියැවෙනවා. ඒ චක්‍ර හය හැඳින්වෙන්නේ මෙසේ යි.
    මූලාධාර
    ස්වාධිෂ්ඨාන
    මනිපූර
    අනාහත
    විශුද්ධ
    ආඥා
    කුණ්ඩලිනි ශක්තිය දියුණු කරන විට එය කොඳු ඇට පෙළේ පහලම ස්ථානයේ සිට ක්‍රමයෙන් ඉහළට නගින්න පටන් ගන්නවා. එම ශක්තිය ඉහත සඳහන් චක්‍ර හරහා ගමන් කරන විට විවිධ වූ විශේෂ හැකියාවන් යෝගියාට ලැබෙන බවයි පැවසෙන්නේ. මෙවැනි හැකියාවන් හෙවත් සිද්ධි අටක් පිළිබඳව යෝග දර්ශනයේ සඳහන් වෙනවා.
    අනිමා – ඉතා කුඩා බවට පත් වීම
    මහිමා – අති විශාල බවට පත් වීම
    ලඝිමා – පුළුන් රොදක් සේ සිරුර සැහැල්ලු කිරීම
    ගරිමා – ශරීරය ඉතා බර කිරීම
    ප්‍රාප්ති – ග්‍රහ වස්තූන් කරා ගමන් කිරීම
    ප්‍රාකම්‍ය – සිතන පතන දේ ලැබීම
    ඊසත්ව – යම් යම් දේ මවා පෙන්වීම
    වශිත්ව – විශ්ව ශක්තිය පාලන කිරීම
    මේ හැකියාවන්ට අමතරව ලෙඩ රෝග සුව කිරීම, දීර්ඝායුෂ ලැබීම ආදී තවත් හැකියාවන් රැසක් කුණ්ඩලිනි යෝගය හරහා ලබා ගන්න පුළුවන්.

    • එකට්‍රීම් ලිබරල් බුවා says:

      දැන් ඔය කියන දේවල් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපි ටත් ඉගෙන ගන්න. මටත් ඔය කුන්ස්ලිකරණ ශක්තිය ලැබුනොත් ගේමක් දෙන්න පොහොට්ටු නහර කාරයො කීප දෙනෙක් ඉන්නවා. කීයක් ගියත් ප්‍රශ්ණයක් නැහැ කොහොම හරි ඉගෙන්න ගන්න ඕන.

    • හෙලයා says:

      මේවා අතිශයෝක්ති දමා රසකර ලියන ලද ග්‍රන්ත වල ඇති කරුණු නිසා පෙරලා ගන්න ඕනේ.. ඒක කරන්නත් ංගඝාණ ශක්තිය ඕනේ.. මේවා ධ්‍යාන ශක්තීන් සමග සම්බන්ධ දේවල්.. තෘෂ්ණාව මුල්වූ ලෞකික සිත් ඇති අයට මේ ධ්‍යාන කිසද ප්‍රගුණ කල නොහැකියි.ලබන්නද බැහ.. විශව සම්තුලිතභාවය රැකෙනුයේ එබවිනි.

  2. මීමා එලවා රට එලවා රට නිරෝධායනය කරගමු...! ..... says:

    කැලෑ හිවල්ලූ එකා දෙන්නා දැන් ආයෙත් ගම් වදින්න පටන් අරන් වගේ….???

    සුමනදාස අබේගුනවර්ධනටත් එන්න කියනවලු……! 😀

Main News