ඒවා මගේ හඬ පටයි… ප‍්‍රසිද්ද කරන්න එපා.. රන්ජන් හඬා වැටේ.. [Video]

January 8, 2020 at 3:50 pm | lanka C news
ඒවා මගේ හඬ පටයි… ප‍්‍රසිද්ද කරන්න එපා.. රන්ජන් හඬා වැටේ.. [Video]

ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය වෙත ගියේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කරයි.

එම හඬ පට කවර හෝ මාධ්‍යයක ප්‍රචාරය කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද ගංගොඩවිල අධිකරණයේ මෝසමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒවා මාධ්‍ය වෙත නිකුත් වූයේ තමන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගැනීමෙන් පසුව යයිද ඔහු කියා සිටියේය.

එනිසා ඒවා පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දුන් බවට සැකකරන බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

රන්ජන් ළග තිබී අත් අඩංගුවට ගත් හඩපටමාධ්‍යයට දුන්නේ පොලීසිය කියා හිතනවා..!

Gepostet von Headline News am Mittwoch, 8. Januar 2020

760 views

30 Comments to “ඒවා මගේ හඬ පටයි… ප‍්‍රසිද්ද කරන්න එපා.. රන්ජන් හඬා වැටේ.. [Video]”

  1. Bald Citizen says:

    Our heartfelt gratitudes to Ranjan’s friend who released these recorded CDs to the general public!

  2. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    Anee mata nam pennee lawyer maara sexy kiyalaaa aasa hithenawaa bolaa ekige kataa dakkamaaa…!!!!

Main News