ඒව කොහෙද.. රනිල් අගමැති නොකර ඉන්න ජනාධිපතිට බෑ..- කිරිඇල්ල සැරවෙයි..

December 4, 2018 at 3:27 am | lanka C news
ඒව කොහෙද.. රනිල් අගමැති නොකර ඉන්න ජනාධිපතිට බෑ..- කිරිඇල්ල සැරවෙයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් නොකර සිටීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය කැමති පුද්ගලයා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බවත් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එය බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා සහ එජාප පක්‍ෂ නායකයන් අතර පැවති සාකච්චාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

162 views