ලසන්ත ඝාතන චෝදනාව කණපිට හැරේ.. ඒ නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා රිමාන්ඞ්..

March 29, 2017 at 12:13 am | lanka C news
ලසන්ත ඝාතන චෝදනාව කණපිට හැරේ.. ඒ නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා රිමාන්ඞ්..

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා මහතාද රිමාන්ඞ් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කලේය.

ෆොන්සේකා ඇමතිතුමා ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිලිබඳ ප්‍රකාශයක් දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. එතුමා පොලීසියට කියනවා ‘ලසන්ත ඝාතනය කලේ මම නොවේ ජනරාල් හෙන්දවිතාරණ යටතේ සිටිය සිටි කණ්ඩායමක්’ මේ ප්‍රකාශය හරහා එතුමා පිලි ගන්නවා ඝාතනයක් පිලිබඳව තොරතුරු දැන ගෙන දිගු කළක් තිස්සේ සඟවා ගෙන සිටියා.

දැන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට අරගෙන වසරක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ ඇයි? ඝාතනයක් පිලිබඳ තමන් දන්නා තොරතුරක් සඟවා ගෙන හිටියා කියලා. ඔහු ඒ චෝදනාව පිලි ගන්නේ නෑ. නමුත් රක්ෂිත බන්ධනාගාරයේ. ෆොන්සේකා ඇමතිතුමා තමන් තොරතුරු සඟවා ගෙන සිටි බව පිලි අරගෙන ඉවරයි. එසේ නම් අනුර සේනානායක මහතා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගෙන සිටින අයුරින්ම ෆොන්සේකා ඇමතිතුමාවත් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි.

තමන්ගේ විවේචකයින් නිහඬ කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිනීමරු කල්ලියක් පවත්වා ගෙන ගිය බවට පොලීසිය උසාවියට වාර්තා කළ බව අල් ජසීරා රූපවාහිනිය සහ ඒඑෆ්පි පුවත් සේවාව වාර්තා කර තිබුණා. නමුත් ලසන්ත ඝාතන නඩුවේ දී එවැනි දෙයක් පොලීසිය වාර්තා කලේ නෑ. පොලීසිය උසාවියට සිරිතක් වශයෙන් බොරු කියනවා. නමුත් ඒ බොරුව කිව්වේ නෑ. ඒ නිසා වහාම මේ බොරුව නිවැරදි කරන්න කියලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා සිය නිතිඥයින් හරහා අල් ජසීරා රූපවාහිනිය සහ ඒඑෆ්පි පුවත් සේවාවට දැනුම් දී තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

12 views

13 Comments to “ලසන්ත ඝාතන චෝදනාව කණපිට හැරේ.. ඒ නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා රිමාන්ඞ්..”

  1. somapala says:

    කලවැද්දාව වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඕකා තමයි ලසන්ත ගාතනය කරන්න උපදෙස් දෙන්න ඇත්තෙ. සැකයක් නෑ

    • Nuwan says:

      හමුදාපති ඔච්චරට බලයක් තිබුනානම් අය්යෝ එකියන්නේ ඔයාලට යුද්දෙදිත් කරන්න දෙයක් නැද්ද..එකියන්නේ ඔක්කොම කරේ හමුදාපතිද….ඔයාල කියන දෙයක් අහන්නේ නැත්නම් සම්පුර්ණ යුද්දේ කරලා තියෙන්නෙත් එයානේ..මොකද ඔයාලට හමුදාපතිව පාලනය කරන්න බැරිනිසා..අයි ඉතින් ඔයාල යුද්දේ කරා කියලපම්පොරි ගහන්නේ..බලනකොට සැබෑ වීරය ෆොන්සේකා.

    • Wijebahu says:

      heenen baya wunada?

    • asaranaya says:

      කෙවුල් කලවැද්දාව හිටුවාපස් ගහන්න ඔනෙ, මූ තමයි මුගේ ජුනිඔයර්ස් ලාට උපදෙස් දීලා තියෙන්නෙ මරලා දාපන් කියලා, වහාම අත් අඩන්ගුවට ගතයුතුයි

      • Nilanthi says:

        වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහු නිදහස් කිරීමට යුද හමුදාපතිවරයාගේ අනුමැතිය නොමැතිව හෝ අවසරය නොමැතිව කිසිදු හමුදා කණ්ඩායමක් ක්රියාත්මක කළ නොහැකි හෙයින් වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකාගේ සම්බන්ධය ගැන හැඟවීමත් ඇති හෙයින් ඔහු ඉන් නිදහස් කළ නොහැකිය

        මේක නම් මාර කොමිටල් ඕයි… යුධ හමුදාපතිගේ සහ සියලු සේනාධි එවකට නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමයි. සේනාධි නායකයාගේ අවසරයකින් තොරව සරත් ෆොන්සේකාට ඒ කියන්නේ එවකට යුධ හමුදාපති වරයාට ක්රියා කළ නොහැකිය. වක්රාකාරව මේ කියන්නේ වික්රමතුංග ඝාතනයට මහින්ද රාජපක්ෂ සම්බන්ධයි කියලනේ.
        අනේ මට දුකයි ඕයි තමුසේ ගැන. තමුසෙත් කළ වැද්දාගේ තත්වයට පත් වුනානේ…………..!

  2. Peter says:

    What will happen to Ali shabri?

  3. five star kalavadi says:

    මේ බෝවන රෝග කාරකයකිි.හැකි ඉක්මනින් මොහු පශු වෛද්‍යවරයකු වෙත යොමු කර ප්‍රථිකාර කල යුතුය​.

  4. Dickie Bird says:

    Lets assume there are 02 villains, namely Gota & Kalaveddah………..

    But who is the better of the two who will be beneficial to the progress of the country?
    Undoubtedly it is Gota by miles.

    Send Kalaveddah behind bars.
    Wadinna giya devale kalaveddah ge oluwata kada watila wage penne.

    • Chapa says:

      ehemanam ethuma mokada 1990 wedi hamudawa dala giye, ochchara daksha nam amarikawe hemudawata gannawene.

  5. රාහුල කොලුවා says:

    රිමාන්ඩ් කරයි… කට ඇරගෙනම බලන් ඉන්න….

  6. Hitanhaami says:

    Ehenam Hamudapathi Report Karapu GoRa MaRa Dennath Gas..

  7. මුගේ මඩිය තරකර ගැනීමට මුගේ අම්මා අප්පා හරි පාවා දෙයි කලවැද්දා බත් කැකටින් අසූචි වලඳන නපුන්සකයා??????

Main News