ඒ- 9 පාර වසා විරෝධතා…

February 16, 2021 at 5:30 pm | lanka C news
ඒ- 9 පාර වසා විරෝධතා…

පොල් සංවර් ධන මණ්ඩලය විසින් තමන්ගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බව පවසමින් කිලිනොච්චිය පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්දායි ගම්වාසීන් පිරිසක් විසින් ඒ-9 ප්‍රධාන මාර් ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

අදාල ගම්වාසීණ්ගේ විරෝධතාව හේතුවෙන් එ්- 9 ප්‍රධාන මාර් ගයේ වාහන ගමනාගමනයටද බාධා සිදු වූ අතර මේ හේතුවෙන් පලෙයි පොලීසියද අදාල ස්ථානයට පැමිණියහ.

විරෝධතාවයේ නිරත වූ ගම්වාසීන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘පසුගිය යුද සමයේදී කරන්දායි ගම්වාසීන් විසින් ආරක්ෂාව සඳහා සිය ඉඩම් අතහැර වෙනත් ප්‍රදේශවලට ගොස් යුද්දය අවසන් වීමෙන් පසුව 2010 වසරේදී නැවත පදිංචි වූ බවටය.

නමුත් 2015 වසරේදී පොල් සංවර් ධන මණ්ඩල නිලධාරීන් විසින් අදාල ඉඩම් රජයේ ඉඩම් බව පවසමින් නැවත පදිංචි වැසියන් අදාල ඉඩම් වලින් නැවත පදිංචි වැසියන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග තමන් එවකට සිට මුල් ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුත්ත මේ දක්වා සිදුකලද මෙතෙක් විසඳුමක් නොලැබුනු බවටය.

නමුත් විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි පලෙයි පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වූවන් ඒ-9 මාර් ගයෙන් ඉවත් කොට ඔවුන්ට දැනුම් දී ඇත්තේ අදාල ඉඩම් මේ වන විට පොල් සංවර් ධන මණ්ඩලයට අයත් රජයේ ඉඩම් බවට පවතින හෙයින් අදාල ඉඩම් සාමාන්‍ය වැසියන්ගේ බවට  තහවුරු කලහැකි ලිපිලේකන රැගෙනවිත් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසට පැවසීමෙන් අනතුරුව විරෝධතා කරුවන විසිර ගියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,811 views
Main News